29 C
Colombo
Monday, April 7, 2025

ලාෆ්ස් ගෑස් මාබිම පර්යන්තයත් අද සිට වසා දමයි – හම්බන්තොට වැහුවේ සිකුරාදා

- Advertisement -

ලාෆ්ස් ගෑස් ආයතනයේ මාබිම පිහිටි බෙදාහැරීම් මධ්‍යස්ථානය හෙවත් ගෑස් පර්යන්තය අද (27) සිට වසා තබන බව එහි සේවකයන්ට ඊයේ (26) දැනුම් දී තිබේ.

එම ආයතනයේ හම්බන්තොට ගෑස් පර්යන්තය ද පසුගිය සිකුරාදා සිට වසා දමා තිබේ.

කොළඹ වරාය හරහා එන ගෑස් තොග මාබිම හරහාත්, හම්බන්තොට වරාය හරහා එන ගෑස් තොග හම්බන්තොට හරහාත් බෙදාහැරීම මේ වන තෙක් සිදුවුණා.

නැවත ලබන 01 වැනිදා සිට මාබිම ගෑස් පර්යන්තය විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි ද සේවකයන්ට දැනුම් දී ඇත.

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් පිරවීම සහ සාමාන්‍ය හෝටල්වල භාවිත කරන ගෑස් සිලින්ඩර් පිරවීම නතර කෙරුණද, ගෑස් යොදාගෙන නිෂ්පාදන සිදුකරන සමාගම්වලට අවශ්‍ය තොග අඛණ්ඩව සැපයීමට අදාළ සැලසුම් ද ආයතන පාලනාධිකාරිය විසින් සකස් කර තිබේ.

කෙසේ වෙතත් අදාළ සමාගම්වල ගෑස් කටයුතු සඳහා මෑන් පවර් ආයතන හරහා සේවා සපයන සේවකයන් දිගටම ගෙන්වීමට නියමිත ය.

මේ අතර ලාෆ්ස් ගෑස් ආයතනයේ හිමිකාරිත්වයේ වෙනසක් ළඟදීම සිදුවීමට නියමිත බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

RECENT ARTICLES - SINHALA

තවත් පොලිස් බිල්ලක් ද? (වීඩියෝ)

තිනියාවල පොලිසියේ බව පැවසෙන නිළධාරින් සිව් දෙනෙකු විසින් ඊයේ (06) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන රැගෙන යාමට උත්සහ කළ තරුණයෙකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිසියේ බව...

මෙරට ජනගහනය ගැන හෙළිවූ අලුත්ම තොරතුර

මෙරට ජනගහන වර්ධන වේගය අඩු වුවද තවදුරටත් ජනගහන වර්ධනය වෙමින් පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ 2012 වසරේ සිදුකළ සංගනනයට සාපේක්ෂව...

Breaking: PTA යටතේ අත්අඩංගුවට ගෙන සිටි තරුණයා නිදහස්

ඊශ්‍රායලයට අපහාස වන ආකාරයේ ස්ටිකරයක් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවකට ත්‍රස්තවාදය වැළැක්විමේ පනත (PTA) යොදා ගනිමින් අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටි තරුණයා ඇප කොන්දේසි මත...

POPULAR ARTICLES

තවත් පොලිස් බිල්ලක් ද? (වීඩියෝ)

තිනියාවල පොලිසියේ බව පැවසෙන නිළධාරින් සිව් දෙනෙකු විසින් ඊයේ (06) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන රැගෙන යාමට උත්සහ කළ තරුණයෙකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිසියේ බව...

මෙරට ජනගහනය ගැන හෙළිවූ අලුත්ම තොරතුර

මෙරට ජනගහන වර්ධන වේගය අඩු වුවද තවදුරටත් ජනගහන වර්ධනය වෙමින් පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ 2012 වසරේ සිදුකළ සංගනනයට සාපේක්ෂව...

ක්‍රිකට් ක්‍රීඩකයින් 45දෙනෙකුට වාර්ෂික ගිවිසුම්

2025 දේශීය ක්‍රිකට් තරග වාරය සඳහා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයින් 45 දෙනෙකුට වාර්ෂික කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ...