24.9 C
Colombo
Thursday, November 28, 2024

නීති විද්‍යාල ප්‍රවේශ විභාගයත් කල්දාලා

- Advertisement -

රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළඹෙන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය (2024) කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

අද (28) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඒ බව සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ජ්‍යේෂ්ඨ සංඛ්‍යාලේඛනඥ සහ සංඛ්‍යාලේඛනඥ නිලධාරීන් සඳහා වන කඩඉම් විභාගය ද (2016/24) එලෙස අදාළ දිනවලදී නොපැවැත්වෙන බවයි.

අදාළ විභාග දෙක දෙසැම්බර් 01 සහ 02 යන දිනයන් හිදී පැවැත්වීමට සූදානම් කර තිබූ නමුත් අද නිවේදනය කළේ, එම දිනවලදී අදාළ විභාග නොපැවැත්වෙන බවයි.

“දෙසැම්බර් 01 සහ 02 යොදාගෙන ඇති තවත් විභාග දෙකක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අවශ්‍යයි.”

“පළවෙනි විභාගය ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය 2024. මෙම විභාගය දෙසැම්බර් 01 වනදා කොළඹදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු අපි සංවිධානය කර තිබෙනවා.” 

“අනෙක් විභාගය ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ සංඛ්‍යාලේඛනඥ සහ සංඛ්‍යාලේඛනඥ නිලධාරීන් සඳහා වන කඩයීම් විභාගය 2016/24.” 

“මේ විභාග දෙක අපි අදාළ දිනවල පවත්වන්නේ නැහැ. ඒ අනුව මෙම විභාග පැවැත්වීමේ දින ඉදිරියේදී අදාළ අපේක්ෂකයන් දැනුවත් කිරීමට කටයුතු කරනවා.” 

RECENT ARTICLES - SINHALA

අම්පාර ට්‍රැක්ටර් අනතුර:රියදුරුගේ මළ සිරුර හමුවෙලා

අම්පාර කාර්තිව් ප්‍රදේශයේ දී සිදුවූ ට්‍රැක්ටර් රථ අනතුරින් දියේ ගිලී අතුරුදන් වු බවට වාර්තා වු ට්‍රැක්ටර් රථයේ රිය සහායක කාර්තිව් පොලිස් ස්ථානයට පැමිණ ඇති...

මාදිවෙල නිවාස ගන්න අලුත් මන්ත්‍රීලා 80ක් පෝළිමේ

මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීම සඳහා නවක මන්ත්‍රීවරු 80දෙනෙක් අයදුම්පත් යොමු කර ඇති බවට පුවතක් ලංකාදීප වාර්තා කරනවා. මෙලෙස නිවාස ලබා ගැනීම සඳහා...

ආපදා මරණ 12ක් දක්වා ඉහළට

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 12ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. තුවාල ලැබූ ගණන 17ක් වන අතර...

POPULAR ARTICLES