26 C
Colombo
Friday, October 25, 2024

විශ්‍රාම අරගෙනත් සුපිරි සැප ගන්නා මැති සබයේ ලොක්කා

- Advertisement -

පාර්ලිමේන්තුවේදී මෑතකදී විශ්‍රාම ලැබූ උසස් නිලධාරියෙකු එහි විශේෂිත කමිටුවක ඉහළ තනතුරකට පත්ව විශ්‍රාම වැටුපට අමතරව පෙර නිලයේ සම්පුර්ණ වැටුප ද වාහන ඇතුළු අනෙක් සියළු පහසුකම්ද ලබා ගෙන ඇති බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ඔහුගේ මෙම ක්‍රියාකලාපය ගැන බොහෝ නිලධාරීන් සහ සේවකයන් දැඩි අප්‍රසාදය පළකර ඇති බවයි.

පාර්ලිමේන්තුවෙන් මෑතකදී විශ්‍රාම ලැබූ මෙම නිලධාරියා පාර්ලිමේන්තුවට දින කිහිපයක්ම පැමිණෙන අතර ඒ පැමිණෙන සෑම අවස්ථාවක පාර්ලිමේන්තුවෙන් සුඛෝපභෝගී වාහනද ලබාගෙන ඇති බවද සඳහන් වනවා.

රජයේ ඉහළ ප්‍රධානියෙකුගේ අනුමැතිය මත ඔහු මෙම තනතුරට පත් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුගේ මෙම පත්වීමට බොහෝ මැති ඇමතිවරුන් අප්‍රසාදය පළකර ඇති බවද දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

ගිනිඅවි නිපදවන ස්ථානයක් වටලා තිදෙනෙක් අත්අඩංගුවට

මාතර පොලිස් වසමේ පාලටුව ප්‍රදේශයේදී රිවෝල්වර් වර්ගයේ ගිනිඅවි නිපදවනු ලබන ස්ථානයක් වටලා සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට තිබෙනවා. මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත...

විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට

විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පැවසුවේ , දැනට පවතින මිල සූත්‍රය අනුව...

චීන ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට

හෝටලයක රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ පරිගණක අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට තවත් චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...