27 C
Colombo
Tuesday, July 2, 2024

සාගලගේ වාහනයේ ගැටුණු ලොරියේ සිටි ගර්භණී කාන්තාවගේ කකුල කැඩිලා

- Advertisement -

පොසොන් පොහොය දිනයේ අනුරාධපුරයේදී ජනාධිපතිවරයාගේ ප්‍රභූ රථ පෙළේ මෝටර් රථයක කුඩා ලොරි රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු, ඔහුගේ ගර්භණී බිරිඳ ඇතුළු තිදෙනකු අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවට වාර්තා වනවා.

ජනාධිපතිවරයාගේ තන්තිරිමලේ සංචාරයෙන් පසු මේ වාහන පෙළ එදින පස්වරු 6.30ට පමණ තිසා වැව අසල ප්‍රදේශයෙන් ගමන් කර තිබුණා.

එහිදී මෙම අනතුර සිදුවී ඇති අතර, අනතුර සිදු වූ ප්‍රභූ රථ පෙළේ වාහනයේ අංක තහඩු ඉවත් කිරීමට එහි සිටි පිරිස කටයුතු කර තිබෙන බවට පැවසෙනවා.

මෙම සිදුවිම ඇසින් දුටු පිරිස පවසන්නේ එම වාහනය අධික වේගයෙන් පාරේ වැරදි දෙසින් පැමිණි බවයි.

අනතුර සිදු වු වාහනය ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ රථයක් බවට වාර්තා වනවා.

අනතුරට මුහුණ දුන් ලොරි රථයේ රියදුරාගේ පාදයක් අස්ථි බිදිමකට ලක්ව තිබෙන අතර ඔහුගේ හිසට ද හානි සිදු වී තිබෙනවා.

ඔහුගේ බිරිඳ වන ගර්භණී කාන්තාවගේ පාදයට ශල්‍යකර්මයක් සිදුකර තිබෙන බවට පැවසෙනවා.

ලොරි රථයේ පිටුපස ගමන් ගත් පස්දෙනෙකු අතරින් එක් කුඩා දරුවකුගේ පාදයට දැඩි හානි සිදුවී ඇතැයි ද වාර්තා වනවා.

ප්‍රභූ රථ පෙළේ වාහනයේ රියදුරා අනුරාධපුර පොලිසියෙන් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප පිට මුදාහැර තිබෙනවා.

තවද බරපතළ තුවාල ලැබූ තිදෙනකු රෝහල්ගත කර තිබියදී රියදුරා මුදාහැර ඇති අතර, දිගින්-දිගටම අදාළ රෝගීන් රෝහලෙන් හැකි ඉක්මනින් පිටකිරීමේ උත්සාහයක් ද ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

දුම්රිය මග දමා පැන ගිය රියදුරුගේ වැඩ තහනම්

කොටුව දුම්රිය ස්ථානයේ සිට මහනුවර බලා ඊයේ (30) පෙරවරුවේ ධාවන වූ දුම්රියක රියදුරා අධික ලෙස මත්පැන් පානය කර ගමන් කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මේ...

කොන්ත්‍රාත්කරුවන්ට බිලියන 200ක් ගෙවලා ඉවරයි

කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට නොහැකි වූ රුපියල් බිලියන 200 කට අධික මුදලක් මේ වනවිට ගෙවා අවසන් කළ බව නාගරික...

රෝහලේ සිටි පුද්ගලයෙක් පැහැර ගත් කතකට ඇප

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි 89 හැවිරිදි පුද්ගලයෙකු පැහැරගෙන ගිය බවට පැවසෙන කොළඹ ජාවත්ත ප්‍රදේශයේ කාන්තාවක් ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

POPULAR ARTICLES

Breaking: ඉන්ධන මිල වෙනස් වෙයි

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින් අඩුකර...

රේනෝ කම්කරු නඩුවෙන් පරාදයි. ලක්ෂ 135 ක් වන්දි දෙන්න නියෝග

0
හිරු ටීවී ප්‍රවෘත්ති අංශයේ වසර 08 ක කාලයක් සේවය කළ මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රි මහතා එම තනතුරින් අනීතිකව ඉවත්කිරීමේ නඩුවෙන් Asia Broadcasting Corporation (pvt) Ltd...

කාලගුණයෙන් රතු නිවේදනයක්

සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, උතුරු අක්ෂාංශ 06...