26 C
Colombo
Monday, December 30, 2024

ජනපති අනුර ඇතුළු පිරිසගේ ජීවිත අනතුරක

- Advertisement -

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ‘පාර රාජ්‍යයක්’ පිළිබඳ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන සුනන්ද දේශප්‍රිය කරුණු හෙළිකර තිබෙනවා.

එම රාජ්‍යය තුළ ක්‍රියාත්මක දේශපාලන සන්නද්ධ කණ්ඩායම් බුද්ධි අංශ සහය පවා ලබා ගනිමින් තම දේශපාලන කඳවුරු වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවට පැහැදිලි සාක්ෂි ඇති බව දේශප්‍රිය මහතා සඳහන් කර තිබෙන්නේ ඔහු විසින් රචිත “පාස්කු ඉරිදා ප්‍රහාරය පාර රාජ්‍යයේ සෙවනැලි සහ නොවිසදුනු අභිරහස්” නම් කෘතිය පිළිබඳ අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක් වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවා මෙම ‘පාර රාජ්‍ය’ සමඟ සම්බන්ධතා පැවැත්වූ බවයි.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන නිලන්ත ජයවර්ධන එහි සාමාජිකයෙකු යැයි තමා විශ්වාස කරන බවද සුනන්ද දේශප්‍රිය මහතා මෙම සංවාදයේදී සඳහන් කර තිබීම විශේෂත්වක්.

එම කණ්ඩායම අදටද සක්‍රීයව කටයුතු කරන බැවින් ජනාධිපති අනුර කුමාර ඇතුළු පිරිසට බරපතල ජීවිත අවදානමක් ඇති බව මෙම සාකච්ඡාවේදී සදහන් කර තිබෙනවා.

සුනන්ද දේශප්‍රිය මහතා මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඇති වූ ජීවිත තර්ජන හේතුවෙන් මෙරටින් පිටව ගිය මාධ්‍යවේදීන් අතුරින් කෙනෙක්.

එමෙන්ම ඔහු හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ සහෝදරයෙක්ද වනවා.

සම්පුර්ණ වැඩසටහන පහළින්.

RECENT ARTICLES - SINHALA

ගල් කොරියෙන් කෝටි 4ක පාඩුවක්

රටේ බොහෝ ප්‍රදේශවල ගල් කොරි හිමියන්ගෙන් හිඟ මුදල් අය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් රජයට රුපියල් හාර කෝටි හැට නව ලක්ෂයකට වැඩි මුදලක්...

බදුල්ල බස් අනතුරින් තුවාල ලැබු තවත් සිසුවෙක් මරුට

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් රැගත් බස් රථයක් පෙරළීමෙන් ඉකුත්දා සිදුවූ අනතුරෙන් තුවාල ලබා රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්...

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් මානව හිමිකම් කොමිසමට කැඳවලා

මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් හට සරණාගතයන් හමුවීමට යෑමට ඉඩ නොදීම පිළිබඳව කරුණු විමසීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් හෙට (31) උදෑසන...

POPULAR ARTICLES