27.3 C
Colombo
Saturday, April 12, 2025

දේශීය ඉදිකිරීම් කර්මාන්තය බරපතළ අර්බුදයක

- Advertisement -

පවතින ආර්ථික අර්බුදය හමුවේ රජයේ සංවර්ධන වැඩකටයුතු සඳහා පවතින ගෙවීම් හිඟය රුපියල් බිලියන 200 ක් බව ආර්ථික ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වූ ජාතික අනුකාරක සභාව සිය දෙවන වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.

රටේ උද්ධමනය සහ මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් දේශීය ඉදිකිරීම් කර්මාන්තය ද බරපතළ අර්බුදයකට ලක්ව තිබෙනවා.

මෙම ගෙවීම් හිඟව පවතින රාජ්‍ය ආයතන ලෙස මාර්ග සංවර්ධන රිය, ජල සම්පාදන මණ්ඩලය, අධ්‍යාපන අමාත්‍යාංශය, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල පවතින බව මෙම වාර්තාව පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම ප්‍රාදේශීය මාර්ග සංවර්ධන ක්‍ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආරම්භ කළ කිලෝමීටර ලක්ෂයේ ව්‍යාපෘතියේ අවසන් කර ඇත්තේ කිලෝමීටර 5,423 ක් පමණක් බවත් එහි තවත් කිලෝමීටර 17,847 ක් සඳහා ටෙන්ඩර් ප්‍රදානය කර තිබෙනවා. එම ව්‍යාපෘතියේ හිඟව ඇති මුදල සටහන් වන්නේ රුපියල් බිලියන 54.7 ක් ලෙසයි.

තට්ටු නිවාස ඒකක 4,800 ක් පමණ ඉදි කිරීම් සම්පූර්ණ කරගැනීමට නොහැකිව හෝ විකුණාගත නොහැකිවීමෙන් අර්බුදයට ලක්ව ඇතැයි ජාතික සභා අනුකාරක සභාවේ දෙවන වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

RECENT ARTICLES - SINHALA

මේ ආණ්ඩුව රනිල්ගේ මයිල් ගහක්වත් හොලවන්නේ නැහැ – චාමර සම්පත්

වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මයිල් ගහකටවත් හානියක් සිදු නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

මාව ජනාධිපති කළා කියන්නේ රටේ වාසනාව තමයි – සීලරතන හිමි

එළැඹෙන මැතිරණයෙන් තමාව ජනාධිපති කළහොත් එය අප රටේ ජීවත්වන ජනතාවගේ වාසනාවක් බවත්, එසේ වුවහොත් තමා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන බවත්, පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන...

නීති විරෝධී විදෙස් දුම්වැටි සමග අයෙක් මාට්ටු

නීති විරෝධීව මෙරටට දුම්වැටි තොගයක් රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 29...

POPULAR ARTICLES