කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ විදේශීය සංචිත ශීඝ්‍රයෙන් පිරිහී තිබෙන පරිසරයක රජයේ නියෝගය නොතකමින් බලපත්‍ර හිමියන් විසින් මිල අධික වාහන 300 කට අධික ප්‍රමාණයක් ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.
මේ සම්බන්ධයෙන් කළ මාධ්‍ය විමසීමකදී සම කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා ඇත්තේ රජයේ නියෝග නොතකා රාජ්‍ය බැංකු මඟින් ණයවර ලිපි නිකුත් කර ඇති බවත් ණයවර ලිපි විවෘත කළ රාජ්‍ය බැංකුව මෙම ගැටලුව සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳව තමා නොදන්නා බවයි.
කෙසේ වෙතත් ණයවර ලිපි විවෘත කිරීම සහතික කළ ගෙවීමක් බැවින් මේ සම්බන්ධයෙන් ඒකපාර්ශ්වික තීරණයක් ගනු ලැබුවහොත් ශ්‍රී ලංකාව අසාදු ලේඛන ගතවීමේ අවධානමක් පවතින බැවින් මුල් තීරණය ආපසු හැරවීමේ දුෂ්කරතාවයක් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.
පසුගිය සඳුදා (7)‘සලකුණ’ රූපවාහිනී වැඩසටහනේ දී විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින්ද සම-කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියේ රුපියල් බිලියන 3.7 ක වියදමින් වාහන 399 ක් ආනයනය කිරීම සඳහා කලින් පැවති කැබිනට් පත්‍රිකාවක් ඉල්ලා අස්කර ගැනීමට මුදල් අමාත්‍යාංශය ගත් තීරණය තිබියදීත් ත්‍රෛපාර්ශවීයව සිදුවන මෙම ගණුදෙනුව ඒකපාර්ශ්විකව අවසන් කළ නොහැකි බවයි.
අමාත්‍යවරයා මෙහිදී පිළිගනු ලැබුවේ රාජ්‍ය බැංකු හරහා ණය ලිපි විවෘත කර ඇති බැවින් අවලංගු කිරීම ඒකපාර්ශවිකව විසඳිය නොහැකි ප්‍රශ්නයක් බවයි.
අතිශය දුෂ්කර තත්වයක් මධ්‍යයේ සුඛෝපභෝගී වාහන ගෙන ඒම පිළිබඳවත් එම වාහන ගෙන එන්නේ කවර අවශ්‍යතාවයන් සඳාහා ද යන්නත් මෙහිදී අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කෙරුණා.
ඊට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු නියෝජිතයන් 225 දෙනෙකු සඳහා නවතම Toyota Land Cruiser Prado රථ 227 ක් ආනයනය කිරීම පිළිබඳව හා Toyota Land Cruiser V8 රථය ඇණවුම් කර ඇත්තේ කා වෙනුවෙන්දැයි තමන් නොදන්නා බවද අමාත්‍යවරයා මෙහිදී සදහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් පසුගිය මැයි 24 වනදා නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා සදහන් කළේ සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයකනය කිරීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි.
ඒ අනුව සියලු මාධ්‍ය වාර්තා කළේ වාහන ආනයනය කිරීමේ යෝජනාව අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් වැළැක්වු බවයි.