25.6 C
Colombo
Saturday, November 23, 2024

වෙලාවට වැඩ කරනවද බලන යන්ත්‍ර වැඩ නවත්තලා

- Advertisement -

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත්  රෝහල් සහ  ආයතන සදහා  රුපියල් මිලියන 31.08ක  මුදලක් වැයකොට  ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක්  භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම  විගණන වාර්තාවක සදහන් වනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත්කොට ඇති ලිපියට සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ පැමිණිම හා පිටවිම  සනාථ කළ හැකි පරිදි  ඇගිලි සලකුණු යන්ත්‍ර  2017 වර්ෂයේ ජුලි මස 01 වැනිදින සිට ක්‍රියාත්මක නොකරන්නේ නම්  වර්තමාන වැටුපට අනුව අතිකාල දිමනා නොගෙවිමට  වගබලාගතයුතු බවට දන්වා තිබුණා.

ඉකුත් වර්ෂයේ දි (2023) සෞඛ්‍ය කාර්යමණ්ඩල  සදහා  අතිකාල හා නිවාඩු දින වැටුප් වෙනුවෙන්  රුපියල් මිලියන 38,236යි ශත අසුතුනක මුදලක් (38,236.83 ) ගෙවා තිබුණා.

විගණන වාර්තාවේ සදහන් වන්නේ, අතිකාල හා නිවාඩු දින වැටුප් වෙනුවෙන් වැයකොට තිබු මුළු මුදල වැටුප් පිරිවැයෙන් 72%ක් බවයි.

මේ පිළිබද සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විගණනයට සදහන් කොට ඇත්තේ  රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛ ප්‍රකාරව  ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා කළයුතු බවට උපදෙස් ලබාදෙමින්  අභ්‍යන්තර චක්‍ර ලේඛයක් හා  පොදු ලිපියක් නිකුත්කර ඇති නමුත්  වෘත්තිය සමිති විරෝධතා හේතුවෙන් මෙතෙක් එය ක්‍රියාත්මක කිරිමට නොහැකිවි ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

අද කාලගුණය

අද (23) උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ...

මම එනවට අකමැති සභාපති හාදයා කවුද ?

තමන්ට රනිල් වික්‍රමසිංහ පෙනෙනා බවත් ඔහු කීප දෙනෙකුගේ ප්‍රාණ ඇපකරුවෙක් වී ඇති බවත් සිලින්ඩරයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඊයේ (21) දිවුරුම් දී පැමිණි රවී...

Whatsapp සමාගමෙන් නව විශේෂාංගයක්

Whatsapp සමාගම මගින් නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට සූදානම් වනවා. මෙම විශේෂාංගය යටතේ කෙනෙකු වෙත යොමු කරනු ලබන හඬ පණිවුඩයක්, ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවීමට...

POPULAR ARTICLES