කොළඹ තුරඟ තරඟ පිටියේ දී විශ්ව විද්‍යාල සිසුවියකට උල් ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට විශ්ව විද්‍යාලය සිසුවෙක් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර ප්‍රශ්ණ කිරීම සඳහා කුරුඳුවත්ත පොලිසියට ගෙන ඒමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ අතර අද (17) දහවල් කොළඹ තුරඟ තරඟ පිටියේ දී ඝාතනය කර සිටි තරුණිය සම්බන්ධයෙන් තවත් තොරතුරු හෙළිව තිබෙනවා.
මියගිය තරුණිය 24 හැවිරිදි විශ්ව විද්‍යාල සිසුවියෙක් වන අතර විද්‍යා පිඨයේ තෙවැනි වසරේ සිසුවියෙක් බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා, “අද දහවල් 12න් පසු කුරුඳුවත්ත පොලිස් වසමේ තුරඟ තරඟ පිටියේ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වාර්තා වුණා. පසුව පොලීසිය තොරතුරු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කළා. එහිදී අනාවරණය වුණා ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පිඨයේ අධ්‍යාපන ලබන ශිෂ්‍යයාවක්. ඇය තෙවැනි වසරේ සිසුවියක්. ඇයගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහර දී තිබෙන බවට මුලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වෙලා තියෙන්නේ. ඒ කැපුම් තුවාලවලින් අධික ලේ ගලායාම නිසා ඇය එම ස්ථානයේ දී මියගොස් තියෙනවා. හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යයාවක් ලෙසද අපිට තොරතුරු අනාවරණය වී තියෙනවා.”