මිග්යානා සිද්ධියට අදාළ නිල් නිවේදන ආපසු කැඳවන්නැයි කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මිග්යානා සිද්ධියට ආදළ සැකකරුවන් දෙදෙනෙකුට නිකුත් කර ඇති නිල් නිවේදන ආපසු කැඳවන ලෙස කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.
ඒ නීතිපති දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීමට අනුවයි.
මිග්යානා ගණුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ටී එස් ලී සහ එන් ජේ ලේක්හිම් යන සැකකරුවන් දෙදෙනාට නිල් නිවේදන නිකුත් කර තිබුණා.
එම නිවේදන ආපසු කැඳවන ලෙස සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියා.
ඒ ඔවුන් විමර්ෂණ සඳහා සහාය වීමට මෙරටට පැමිණිමේ සුදානමින් සිටින බව පැවසීමෙන් අනතුරුවයි.
එහෙත් නීතිපති දෙපාර්තමේන්තුව කියා සිටියේ 2018 වසරේ සිට වසර ගණනාවක් ගත වී ඇතත් ඔවුන් විමර්ෂණ සඳහා මෙතෙක් කිසිදු සහයක් ලබාදී නැති බවයි.
ඒ අනුව නිල් නිවේදන යළි කැඳවීම මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළා.
ඇමෙරිකා ඩොලර් මිලියන 7කට අදාළ මිග්යානා 8 මිල දී ගැනීමේ ගණුදෙනුව මිලියන 14කට මිලදී ගත් බව අගවමින් අදාළ වංචාව සිදු කර ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.