වත්මන් ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් විසින් පවසන බහුතරයක් ප්‍රකාශක අසත්‍ය බව හිටපු අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (17) මාතර පැවැති ජනහමුවක් අමතමින්.
එහිදී ඔහු කියා සිටියේ විජිත හේරත් විපක්ෂයේ සිටින කාලයේ මෙන්ම මේ වන විට ආණ්ඩුවේදීත් බොරු පවසන බවයි.
කැබිනට් මාධ්‍ය හමු තුනක් පැවැත් වු බවත් එහිදී සෑම අවස්ථාවකදී අසත්‍ය පැවසු බවත් ඔහු අනාවරණ කර සිටියා.
එසේම ඔක්තෝම්බර් 01 වනදා තෙල් මිල සංශෝධනය වීමේ තුළින් වත්මන් ආණ්ඩුව විසින් පැවසු අසත්‍ය ඔප්පු වු බවත් ඔහු සඳහන් කළා.
කාංචන මෙහිදී පවසා තිබුණේ තෙල් මිලෙන් තමාගේ සාක්කුවට මුදල් යන බවට එදා විපක්ෂයේ සිටි ජාතික ජනබලවේගයේ පිරිස් පවසා සිටියද දැන් ඒ මුදල් විෂයභාර අමාත්‍ය අනුර කුමාර දිසානායකගේ සාක්කුවට යන බවයි.
ජනතාවට සත්‍ය වටහා දීම ගැන කෙසේ වෙතත් ජනාධිපති අනුර කුමාර දිසානායකට ස්තුතියි කල යුතු බවත් ජාතික ජනබලවේගය විසින් විවේචනය කරපු දේ ජනතාවට ඇත්තද නැද්ද යන්න බලාගත හැකි වනු ඇති බවත් ඔහු පවසා සිටියා.