27 C
Colombo
Thursday, November 7, 2024

ලෝකයේ වැඩිම ආකර්ෂණීය දූපත

- Advertisement -

2024 වසරේ Wanderlust Reader Travel Awards තරගාවලියේ දී ලෝකයේ වැඩිම ආකර්ෂණීය දූපත (Most Desirable Island) ලෙස ශ්‍රී ලංකාව රන් පදක්කම දිනාගැනීමට සමත් වී තිබෙනවා.

එහිදී ඒ සඳහා 200,000 කට වැඩි සංචාරක පිරිසක් ඡන්දය භාවිතා කරමින් පළමු ස්ථානය සඳහා ශ්‍රී ලංකාව තෝරාපත් කරගෙන ඇති බවයි එම වෙබ් අඩවිය සඳහන් කරන්නේ.

පසුගිය වසරේ ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ අටවැනි ස්ථානයේ සිටි අතර, මෙවර එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

එමෙන්ම මෙම අංශයේ රිදී සම්මානය තායිවානයට ද, ලෝකඩ සම්මානය Puerto Rico රාජ්‍යයට ද හිමි වී තිබෙනවා.

මෙම සම්මාන උළෙල ලන්ඩන් නුවරදී පැවති අතර, විවිධ කාණ්ඩයන් යටතේ රටවල් රැසක් සම්මානයට පාත්‍ර වනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

අලි ඇතුන් නඩුව සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝග‍යක්

ලියාපදිංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධීන්වලට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර තිබෙන නඩුව විභාග කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය...

කොළඹ අඳුරු වෙලා

කොළඹ ඇතුලූ‍ දිවයිනේ නගර බොහෝමයක වායු ගුණ තත්ත්ව දර්ශකය සුලු වශයෙන් අහිතකර මට්ටම වෙත ලගා වී තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ ඒ හේතුවෙන්...

රත්වත්තේ භාවිත කළ මෝටර් රථයේ අංක තහඩුව ගැන අධිකරණයේදී එළියට ආ කථාව

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් ඔහුගේ පළමු බිරිඳට අයත් වාහනයක අංක තහඩුව සහ චැසි අංකය භාවිත කරමින් අවස්ථා ගණනාවකදී ප්‍රශ්නගත මෝටර් රථය භාවිත...

POPULAR ARTICLES