30 C
Colombo
Wednesday, August 28, 2024

ක්ලබ් වසන්ත ඝාතනය පිටුපස ටැටු ආයතනයේ හිමිකරුගේ මව?

- Advertisement -

ක්ලබ් වසන්ත නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ පසුවන දුලාන් සංජුල නම් ටැටූ ආයතනයේ හිමිකරුගේ මවද මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි තැනැත්තියක බවට තහවුරු වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසනවා.

ඇය ඇල්පිටිය කොට්ඨාසයේ පොලිස් ස්ථාන වලදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්ව සිටි බවත්, ඇයට විරුද්ධව නඩු දෙකක් (මතකයේ විදියට) තිබෙන බවත් තල්දූව මහතා වැඩිදුරටත් පවසා සිටියා.

කෙසේ වෙතත් ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝානතය කිරීමේ ලොකු පැටීගේ කොන්ත්‍රාත්තුව ලබාගත්තේ මෙම තැනැත්තිය බවට වාර්තා පළවුවත්, පොලිස් විමර්ෂනවලදී මෙතෙක් එවන්නක් අනාවරණය වී නොමැති බව මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

එමෙන්ම ටැටූ දුලාන්ගේ සහෝදරිය හා ක්ලබ් වසන්ත නැමැත්තා අතර තිබෙන්නා වූ යම් කිසි සම්බන්ධයක් මුල් කරගනිමින් මෙම විවෘත කිරීමේ අවස්ථාවට පැමිණි බටව සමාජයේ කථාබහක් තිබුණද, එම කාරණය සම්බන්ධයක්ද තොරතුරු තහවුරු වී නොමැති බවද ඔහු පැවසුවා.

තවදුරටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසා සිටියේ වෙඩිකරුවන් යුද හමුදා සක්‍රිය සේවයේ නිරත වු බවට හෝ ඔවුන් රටින් පිටව ගිය බවට අනාවරණය වි නොමැති බවයි.

තවදුරටත් නුගේගොඩ කොට්ඨාශයේ පොලිස් කණ්ඩායම් අටක් දහයක් අතර කණ්ඩායම් දෛනිකව ක්‍රියාත්මක වන බවත් දිවයින පුරා විමර්ශන කටයුතු ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කළා.

”විමර්ශන කටයුතු පිළිබඳ මාධ්‍යට අනාවරණය කරන්න බැහැ…මාධ්‍යට අනාවරණය කිරිම තුළ යම් කිසි ආකාරයක විමර්ශනයකට බාධා වෙන්න පුලුවන්.අපි මාධ්‍යයෙනුත් ඉල්ලා සිටින්නේ ඔබ දන්නා යම් යම් තොරතුරු තිබෙන්න පුලුවන් සංවේදි තොරතුරු .සංවේදි තොරතුරු අනාවරණය විම තුළ විමර්ශන වලට බාධා වෙලා සැකකරුවන්ට ඉන් වාසිදායක තත්වයක් ඇති වෙන්න පුලුවන්.සැකකරුවන් රටින් පිටවෙන්න පවා යම්යම් හේතු ඇති වෙන්න පුලුවන්…..”


RECENT ARTICLES - SINHALA

නඩු විභාගයක් අතරතුර වගඋත්තරකරු සිහිසුන්ව ඇද වැටිලා

වෘත්තීය ආචාර ධර්ම කඩ කළ බවට තමාට එරෙහිව විභාග වන නඩුවකට අදාළව අධික - රණයට අපහාසාත්මක වන කරුණු ඇතුළත් ලේඛන ඉදිරිපත් කළ නීතිඥභාවය අත්හිටුවා...

ශිරාන් බාෂික්ගේ පුතාට ඇප

අත්අඩංගුවට ගත් මෙරට මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම් ම්කරුවෙකු ලෙස සැළකෙන ශිරාන් බාසික් ගේ පුත්‍රයා වන නදින් බාසික්ට විදේශ ගමන් තහනමක් පැනවීමෙන් පසු ගල්කිස්ස මහේස්ත්‍රාත්...

පාස්පෝට් ප්‍රමාදයට මට සමාවෙන්න – අලි සබ්රි (වීඩියෝ)

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී ඇතිව තිබෙන ප්‍රමාදය සම්බන්ධයෙන් රජයේ අමාත්‍යවරයෙකු ලෙස තමා ජනතාවගෙන් සමාව ඉල්ලන බව විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි මහතා පවසනවා. විදේශ ...

POPULAR ARTICLES

රාජ්‍ය බැංකුවකින් ගිණුම් හිමියන්ට විශේෂ දැනුම්දීමක්

මහජන බැංකුව විසින් විශේෂ එම බැංකුවේ ගිණුම් හිමියන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. මහජන බැංකු ගිණුම් හිමියන් ඉලක්ක කර, සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ව්‍යාජ දැන්වීම්...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය ගැන දැනුම්දීමක්

2024 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් සති 2-3කින් පමණ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී...

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන හර්ෂටත් ප්‍රශ්න

ජාතික ජන බලවේගය ඊයේ (26) දින 'පොහොසත් රටක් ලස්සන ජිවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශය එලිදැක්වු අතර, එහි ප්‍රජාතාන්ත්‍රිත ආර්ථිකයක් පොහොසත් රටක් යටතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ...