27.2 C
Colombo
Tuesday, March 25, 2025

මහ නගර සංවර්ධන සැලැස්ම යළිත් ක්‍රියාත්මක කිරීමට යයි

- Advertisement -

මෙගා පොලිස් නැතහොත් මහ නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවරගෙන තිබෙනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා කියා සිටියේ එම සැලැස්ම යළි ක්‍රියාවට නංවන්නැයි ජනාධිපතිවරයා දුන් උපදෙස් මත මෙම පියවර ගත් බවයි.

මෙම ක්‍රියාකාරී සැලැස්ම හා මාර්ගෝපදේශයන් සිංගප්පුරු සමාගමක උපදේශකත්වයෙන් සකස් කෙරෙනු ඇති.

මහ නගර සංවර්ධන සැලැස්ම 2015 වසරේ දී සකස් කරනු ලැබුවා.

ඒ යටතේ කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් බස්නාහිර පළාත, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නැගෙනහිර පළාත, හම්බන්තොට දිස්ත්‍රික්කය හා යාපනය දිස්ත්‍රික්කයේ මහා නගර සැලැස්ම ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබුණා.

කෙසේ නමුත් පසුව එම සැලැස්ම ක්‍රියාවට නැංවීමට අවස්ථාව හිමිවුයේ නැහැ.

මේ අනුව අදාල මහා නගර සැලැස්ම යළිත් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා උපදෙස් ලබාදී ඇත්තේ.

RECENT ARTICLES - SINHALA

දේශබන්දුට ආණ්ඩුවෙන් විශ්වාසභංගයක්

මේ වන විට බන්ධනාගාර ගතව සිටින ධූරයේ රාජකාරි කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු පියවර...

ඡන්ද වැඩ ගැන කොමිසමෙන් රජයට දැනුම්දීමක්

මැතිවරණ සමයේදී රජය විසින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිසමට දැනුම් දෙන ලෙස එම කොමිසම රජයට දන්වා තිබෙනවා. ඒ අනුව අමාත්‍යංශ සහ රජයේ දෙපාර්තමේන්තු...

මිළඟ මුදල් අමාත්‍යංශයේ ලේකම් දුමින්ද හුලංගමුව ද?

මිළඟ මුදල් අමාත්‍යංශයේ ලේකම් කවුද යන්න පිළිබඳ මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා පවසනවා ඊයේ පැවති රූපවාහිනී...

POPULAR ARTICLES

දේශබන්දුට ආණ්ඩුවෙන් විශ්වාසභංගයක්

මේ වන විට බන්ධනාගාර ගතව සිටින ධූරයේ රාජකාරි කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු පියවර...

ඡන්ද වැඩ ගැන කොමිසමෙන් රජයට දැනුම්දීමක්

මැතිවරණ සමයේදී රජය විසින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිසමට දැනුම් දෙන ලෙස එම කොමිසම රජයට දන්වා තිබෙනවා. ඒ අනුව අමාත්‍යංශ සහ රජයේ දෙපාර්තමේන්තු...

ප්‍රාදේශීය සභා තුනක නාම යෝජනා ගැන නිවේදනයක්

පූනාකරි, මන්නාරම, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවන් සඳහා නාම යෝජනා භාර ගැනීම සම්බන්ධව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ එම ප්‍රාදේශීය සභාවලට අයත් පළාත්...