29 C
Colombo
Tuesday, January 21, 2025

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සමිපතමයෙකුගේ සැලැස්මක්?

- Advertisement -

ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයෙක් වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධව සිදු කරන විමර්ශනවලට අදාළව දුරකථන හතක විමර්ශන වාර්තා ලබාගෙන අධිකරණයට කරුණු වාර්තා කරන මෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල බොරැල්ල පොලීසිය වෙත නියෝග කර තිබෙනවා.

ඒ ඊයේ (20) අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දුරකථන අංක හතරක විශේලේෂණ වාර්තා ලබා ගැනීමට අවශ්‍ය බැවින් ඒ සඳහා නියෝගයක් ලබා දෙන ලෙස බොරැල්ල පොලීසිය කළ ඉල්ලීමකට අනුවයි.

බොරැල්ල පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේ ඝාතනය ලක්වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිඳ සහ ඔහුගේ ආයතනයේ සේවකයන් දෙදෙනෙකුගෙන් ද මේ වන විට ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවයි.

මේ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර කරුණු වාර්තා කරන ලෙස පොලීසියට නියෝග කරමින් නඩුව කල් දමනු ලැබුවා.

මේ අතර ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් බොරැල්ල සුසාන භූමියට ගේනවා ඝාතනය කර ඇත්තේ ඔහුගේ සමිපතමයෙකුගේ සැලසුමකට අනුව බවට ඒ සම්බන්ධ විමර්ශන සිදුකරන නිලධාරීන්ට සැකයක් මතුව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුමැතිය

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සඳහා කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නාගොඩ බටහිර ග්‍රාම නිලධාරි වසමේ පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සහ මාර්ග...

අල්ලස් ගත් ආගමන විගමන නිලධාරීවරයෙක් අත්අඩංගුවට

වීසා නොමැතිව රැඳී සිටි පුද්ගලයෙකු නිදහස් කර ගැනීමට රුපියල් ලක්ෂ 5ක අල්ලස් මුදලක් ලබා ගත් ආගමන විගමන නිලධාරීවරයෙක් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා....

මන්ත්‍රිට ඇමතිගේ කණගාටුව

මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයාට යැවූ ලිපියක් කච්චේරියේ නිලධාරීන් බාර නොගැනීමෙන් සමගි ජන බලවේගයේ නිශාන් කාරියප්පර් මන්ත්‍රීවරයාට සිදුවූ අපහසුතාවය ගැන කණගාටුව පළ කරන බව රාජ්‍ය පරිපාලන...

POPULAR ARTICLES

තුර්කියේ හෝටලයක ගින්නෙන් 10 දෙනෙක් මරුට

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, එහිදි තවත් පුද්ගලයින් 32දෙනෙකු  තුවාල ලබා රෝහල් ගත කර...