30 C
Colombo
Friday, November 15, 2024

දසවෙනි පාර්ලිමේන්තුවේ බහුතර බලය ජාතික ජන බලවේගයට

- Advertisement -

පාර්ලිමේන්තු මැතිවරණයේ සියලු දිස්ත්‍රික්කවල ප්‍රතිඵල නිකුත් කර අවසන්.

ඒ අනුව දිස්ත්‍රික්ක 20කම බලය හිමිකර ගැනීමට ජාතික ජනබලවේගය සමත්ව තිබෙනවා.

එම ප්‍රතිඵලය අනූව 10 වෙනි පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගැනීමට ජාතික ජනබලවේගය සමත් වුණා.

ඒ අනුව ජාතික ජනබලවේගය ආසන 141ක බලය හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගැනීමට අවශ්‍ය වන ආසන සංඛ්‍යාව වන 113 ඉක්මවා යමින්.

මහමැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලවලට අනුව එම පක්ෂය ඡන්ද 6,863,186ක් හිමිකර ගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 61.56ක් වනවා.

සමගි ජනබල වේගය ප්‍රතිඵල අනුව දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ආසන 35ක් ලබාගනිමින්.

එම පක්ෂය ඡන්ද 1,968,716ක් ලබාගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 17.66ක්.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඡන්ද 500,835ක් ලබාගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 4.49ක් වන අතර එම පක්ෂයට ආසන 3ක් හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 350,429ක් හිමිකරගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 3.14ක්.

එම පක්ෂය ආසන 2ක් හිමිකරගෙන තිබෙනවා.

ඡන්ද 257,813ක් හිමිකර ගැනීමට ඉලංකෙයි තමිල් අරසු පක්ෂය සමත්ව ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 2.31ක්.

ඒ අනුව එම පක්ෂයට හිමිව ඇති ආසන සංඛ්‍යාව 6කි.

ඊට අමතරව සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය, ඊ.පී.ඩී.පී පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා කම්කරු පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය, ස්වාධීන කණ්ඩායම් 17 යන පක්ෂ මන්ත්‍රී ධුර එක බැගින් හිමිකරගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අනුරාධපුර මනාප ප්‍රතිඵලය මෙන්න

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා. ජාතික ජන බලවේගය (ආසන - 7) වසන්ත සමරසිංහ 251639 සේන නානායක්කාර 86150 සුනිල් රණසිංහ 72508 සුසන්ත නවරත්න 71695 ජීවන්ත භාග්‍ය 63551 නිමල්...

මහනුවරින් පාර්ලිමේන්තුවට යන අය

මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා. ජාතික ජන බලවේගය (9)1 ලාල් කාන්ත -316,9512 ජගත් මනුවර්ණ -128,6783 මංජුල ප්‍රසන්න -94,2424 මුදිත විජේමුණි -82,9265...

කළුතර සිලින්ඩරේ මනාප යළි ගණන් කෙරේ

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින්ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ කළා. ගෑස් සිලින්ඩරය...

POPULAR ARTICLES