31 C
Colombo
Sunday, December 15, 2024

කථානායක ධුරයට විපක්ෂයෙනුත් නමක්

- Advertisement -

කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් නමක් යෝජනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එළැඹෙන 17 රැස්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමේදී මෙම නම යෝජනා කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ නලීන් බණ්ඩාර මහතා :

“වගකිවයුතු පක්ෂයක් විදිහට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන්න ඕනේ. පැහැදිලිවම කථානායකවරයා ධුරයෙන් ඉල්ලා අස්වෙලා විතරක් ප්‍රමාණවත් නැහැ. මේ අය කරලා තියෙන්නේ රටේ ජනතාව නොමඟ යවලා තියෙන්නේ. හරි විදිහට ඔහුගේ මන්ත්‍රී ධුරයෙන් පවා ඉවත්වෙන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් අපේ බරපතළ විවේචනයක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අඟහරුවාද දිනයේදී අපෙනුත් කථානයකවරයෙක් යෝජනාකරන්න. මොකද අපිට විශ්වාසයක් නැහැ ඊළඟට කථානායක විදිහට මාලිමාවෙන් නම්කරන පුද්ගලයාගේ සුදුසුකම් හෝ විශ්වාසය පිළිබඳ. ඒ පිළිබදව බරපතළ සැකයක් තියෙනවා. ඊළඟ සැරෙත් අපිට රැවටෙන්න බැහැ. අපිත් රැවටිලා ඒයාට සහායෝගය දුන්නානේ. ඒ නිසා අනිවාර්යෙන් අපි මීළග පාර්ලිමේන්තු දවසේ විපක්ෂයේ නමකුත් යෝජනා වෙනවා. හැබැයි ඒ යෝජනාකරන කෙනාගේ බොරු අධ්‍යාපන සහතික නෑ.”
 
මේ අතර කථානායක අශෝක රංවල මහතාට ඇති බව කියන ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් පසුගිය දිනවල රටතුළ දැඩි ආන්දෝලනයක් මතුවුණා.

එවන් පසුබිමක පාර්ලිමේන්තු ලිපි ශීර්ෂයකින් පෙරේදා (13) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් රංවල මහතා සඳහන් කළේ, තමා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව, ඒ මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකර ඇති අතර ජනාධිපතිවරයා විසින් එය පිළිගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලාංකිකයන් 17ක් ඊශ්‍රායලයෙන් පිටුවහල් කරලා

ඊශ්‍රායලයේ රැකියා සඳහා යැවූ 17 දෙනෙකු යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබෙනවා. ඒ රැකියා ගිවිසුම් උල්ල‍ංඝනය කිරීමක් හේතුවෙන්. ඊශ්‍රායලයේ ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා...

පොලිස් සිරමැදිරියෙන් සැකකරුවෙක් පැන ගිහින්

තලාව පොලිසියේ සිරමැදිරියේ රදවා සිටි සැකකරුවෙක් ඊයේ (14) අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇති බව තලාව පොලිසිය පවසනවා. සැකකරුගෙන් ඇගිලි සටහන් ලබාගැනීම සදහා අපරාධ විමර්ශන අංශයට රැගෙන...

ජනපති අද ඉන්දීය නිල සංචාරය අරඹයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය නිල සංචාරය අද (15) ආරම්භ වනවා. ඒ අනුව, ජනාධිපතිවරයා අද ඉන්දියාව බලා පිටත්ව යන අතර එළඹෙන 17 වනදා...

POPULAR ARTICLES