30 C
Colombo
Sunday, April 27, 2025

තරුණයින් ඇතුළු 11 දෙනෙකු ඝාතනය කළ විත්තිකරුවෙකුට අධිකරණය දුන් නියෝගය

- Advertisement -

ලුතිනන් කර්නල් ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතාට එරෙහිව පනවා ඇති ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය කළ ඉල්ලීම කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (27) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අදාළ නඩුව අමල් රණරාජා, නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න යන මහාධිකරණ විනිසුරුවරුන් හමුවේ කැඳවූ අවස්ථාවේ ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය ඉල්ලීමක් කරමින් ප්‍රකාශ කර ඇත්තේ සෑම මසකම පළමු සහ තෙවන ඉරිදා දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට පනවා ඇති ඇප කොන්දේසිය ලිහිල් කරන ලෙසයි.

තරුණයින් ඇතුළු 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන අධිචෝදනා යටතේ නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ 10 විත්තිකරු ලෙස නම්කර ඇති ලුතිනන් කර්නල් ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතා විත්තිකරුවන් 14 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණා.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අචලා සෙනෙවිරත්න මෙනවිය එම ඉල්ලීමට විරුද්ධත්වය පළ කරමින් එම විත්තිකරු වසර දෙකකට ආසන්න කාලයක් අධිකරණය මගහැර රටින් පලාගොස් සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අයෙකු වන බවත් එකී ඇප කොන්දේසි ලිහිල් කිරීමක් සිදුකළහොත් යළිත් රටින් පලායාමේ හැකියාවක් ඇති බව පෙන්වාදී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලැබූ පිරිස සියයට 64 ඉක්මවලා

මෙවර පැවැති උසස් පෙළ විභාග ප්‍රතිපල අනුව සරසවි වරම් හිමිකරගත් සිසුන්ගේ සංඛ්‍යාව ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පවසනවා. අද (27)...

නිල ඡන්ද පත්‍රිකා බෙදීම ගැන දැනුම්දිමක්

පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීමේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද (27) දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව අද...

නොවැම්බරයේ ආර්ථිකය වැටෙනවා – වජිර

එළඹෙන නොවැම්බර් හෝ දෙසැම්බර් කාලය වන විට ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව...

POPULAR ARTICLES