ඉන්දියාවේ නැගෙනහිර කොල්කටා නගරයේ කනිෂ්ඨ වෛද්‍යවරියක් අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කර තිබෙනවා.
අදාළ වෛද්‍යවරියගේ සිරුර පසුගිය වසරේ අගෝස්තු 9 වැනිදා සොයාගනු ලැබුවේ කොල්කටා හි පිහිටි රෝහලක කාමරයක තිබියදීයි.
මේ සම්බන්ධයෙන් ඉන්දියාව පුරා දැඩි ආන්දෝලනයකට තුඩුදුන් අතර ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස වෛද්‍යවරිය ඝාතනයට ලක්වූ රෝහලේ සිවිල් ස්වේච්ඡා සේවකයෙක් වන 33 හැවිරිදි සන්ජ් රෝයි නැමැත්තෙක් අත්අඩංගුවට ගනු ලැබුවා.