ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන්ට අධිකරණයෙන් දුන් නියෝගය

ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන්ව සැප්තැම්බර් 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. එම ඝාතනය සම්බන්ධයෙන් 11 දෙනෙක් මේ වන විට අත්අඩංගුවේ පසුවෙනවා. ඔවුන්ව අද (20) දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.