28.1 C
Colombo
Friday, November 29, 2024

මෛත්‍රී ඝාතනයට තැත් කළ කොටි කතට ආධාර දුන් දෙදෙනාට අධිකරණය දුන් නියෝගය

- Advertisement -

2008 වසරේදී බොරලැස්ගමුව ප්‍රදේශයේදී එවකට අමාත්‍යවරයකු වූ මෛත්‍රිපාල සිරිසේන මහතා ගමන් කළ රථ පෙළට පැන ඔහු ඝාතනය කිරීමට තැත් කළ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකාරියක වන සම්මුගරාසා ගජබාලිනි නමැත්තියට අනුබල දීම ඇතුළු අධිචෝදනා 17ක් යටතේ පවරා ඇති නඩුවේ විත්තිකරුවන් දෙදෙනා ඕනෑම ඇප කොන්දේසියක් යටතේ මුදාහරින ලෙසට කළ ඉල්ලීමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා ඊයේ (28) ප්‍රතික්‍ෂේප කළා.

සෙල්වරාසා කිරුබාකරන් හෙවත් ගොස්තාර් හෙවත් මොරිස් හා තම්බයියා ප්‍රකාශ් හෙවත් දනුෂ් නමැති එම විත්තිකරුවන් දෙදෙනා මේ වනවිට වසර 15කට ආසන්න කාලයක් තිස්සේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින බව පෙන්වා දෙමින් එම විත්තිකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරංග බණ්ඩාර හා අසිත විපුලනායක යන මහත්වරු එම ඇප ඉල්ලීම කර තිබුණා.

එම විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බවත් ඔවුනට එල්ල කර ඇත්තේ ද එම පනත යටතේ ගැනෙන චෝදනා බවත් පෙන්වා දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥවරයා එම ඇප ඉල්ලීමට විරුද්ධත්වය දැක්වුවා.

එම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති චෝදනා සම්බන්ධයෙන් සාක්‍ෂි විභාගය කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව පෙන්වා දුන් විනිසුරුවරයා පැමිණිල්ලේ සාක්‍ෂි විභාගය ලබන වසරේ අප්‍රේල් 28, 29 සහ 30 යන දින තුන තුළ පැවැත්වීමට ද දින නියම කළා.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේදී පී. විජේරත්න හා දොන් ගුණපාල වීරසිංහ යන අයගේ මරණය සිදුකිරීමට කුමන්ත්‍රණය කිරීම හා තවත් පුද්ගලයන් පස්දෙනකුට බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා තිබුණා.

RECENT ARTICLES - SINHALA

Breaking : පුද්ගලයින් හයකට මරණ දඬුවම

2016 වසරේ නාරාහේන්පිට ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය නිවසක දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙක් මරා දමා තවත් පිරිසකට තුවාල සිදුකිරීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන්...

විජිත කොළඹ මහාධිකරණයට එයි

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවකට අදාළව සාක්ෂි දීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතා අද (29) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියා. පිළිගත් ටෙන්ඩර් පටිපාටියට...

දඹුල්ලේ එළවලු හිඟයක්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය 60%කින් පහත වැටී තිබෙන අතර  එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන්ගේත් සැලකිලිය  යුතු මට්ටමෙන්  අඩුවක් දක්නට ලැබෙන බවත් එළවළු...

POPULAR ARTICLES