26.9 C
Colombo
Tuesday, November 19, 2024

වෛද්‍යවරයෙකුගේ මුදල් කොල්ලකෑ සැකකරුවන්ට දුන් නියෝගය

- Advertisement -

බම්බලපිටිය ප්‍රදේශයේ සම්බාහන ආයතනයකදී වෛද්‍යවරයෙකු බියගන්වා ඔහුගේ මුදල් කොල්ලකෑ බව කියන සැකකරුවන් සිව්දෙනා රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා බම්බලපිටිය පොලීසියට අද (18) නියෝග කර තිබෙනවා.

වෛද්‍යවරයා අදාළ සම්බාහන ආයතනයට සේවාවන් ලබා ගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී ඔහු බියගන්වා රුපියල් දස ලක්ෂයකට අධික මුදලක් මාර්ගගත ක්‍රමය ඔස්සේ බැංකු ගිණුමක් වෙත සැකකරුවන් බැරකරගෙන තිබුණා.

බම්බලපිටිය පොලීසියේ සැරයන් අජිත් කාරියවසම් මහතා අධිකරණයෙන් ඉල්ලා තිබුණේ ඔවුන් පරිහරණය කළ තුවා ඇතුළු ඇඳුම් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීම සඳහා ඔවුන් සිව්දෙනා හෙට (20) රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියෝගයක් ලබා දෙන ලෙසයි.

ඉල්ලීම සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් එහිදී මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් සිව්දෙනා නොවැම්බර් මස 12 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

අර්බුද මැද රවීගේ නම ගැසට් කරලා

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම ගැසට් කර තිබෙනවා මැතිවරණ කොමිසම විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණා. මීට අමතරව...

දස වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය පැවැත්වෙන්නේ මෙහෙම

දස වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය ඉතා චාම්ව සිදුකිරීමට උපදෙස් ලැබී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන...

අපි කවුරුත් දන්නේ නැහැ – වජිර

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සඳහා එම පක්ෂයේ මහලේකම්වරිය රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යෝජනා කිරීම සම්බන්ධව...

POPULAR ARTICLES