කොට්ටාව – පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක සිදුවූ පිපිරීම ගෑස් කාන්දුවක් නිසා විය හැකි බව රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරන්නේ සිද්ධිය සිදුවූ ස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව රස පරීක්ෂකවරයා මෙය පැවසූ බවයි.
ඊයේ (25) අලුයම කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක සිදුවූ මෙම පිපිරීමෙන් එම නිවසට දැඩි ලෙස හානි සිදුව තිබූණා.
පොලීසිය සදහන් කරන්නේ සිදුවීමෙන් කිසිදු පුද්ගලයෙකුට ජීවිත හානි සිදුව නැති බවයි.
කෙසේ වෙතත් ලිට්‍රො ගෑස් සමාගම පවසන්නේ ගෑස් වල පවතින ප්‍රමිතියේ අඩුවක් හේතුවෙන් මෙලෙස පිපිරීම් සිදුවන බවට වන චෝදනා තම සමාගම ප්‍රතික්ෂේප කරන බවයි.