25.2 C
Colombo
Sunday, November 24, 2024

පොලීසිය පාර වසා දැමීම නිසා කොළඹ ජනතාවට පීඩා

- Advertisement -

වෘත්තිය සමිති, බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධව ආරම්භ කර ඇති විරෝධතා පාගමන හේතුවෙන් මේ වන විට මරදාන අවට රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

කොළඹ කොටුවට පිවිසීම අවහිර කරමින් මාර්ග බාධක දමා සම්පූර්ණයෙන් පාර වසා දමා ඇති අතර පදික වේදිකාව යොදාගනිමින් ගමන් ගන්නා පදිකයන්ට පවා කොළඹ කොටුවට පිවිසීමට පොලීසිය ඉඩ ලබා නොදෙන බව අප වාර්තාකරුවන් සදහන් කළා.

මේ හේතුවෙන් ඒ අවට කාර්යාලවල සේවය කරන පිරිස මෙන්ම සාමාන්‍ය ජනතාව දැඩි පීඩාවට පත්ව තිබෙනවා.

මෙම පාගමන නිරීක්ෂණය සදහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් පිරිසක්ද එම ස්ථානයට පැමිණ තිබෙනවා.

විරෝධතා පාගමන මරදාන, එලිෆින්ස්ටන් රඟහල අසළින් ආරම්භ වූ අතර එය ටෙක්නිකල් මංසන්ධිය හරහා කොළඹ කොටුවට ළඟාවීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES