තමන් ඇතුළු පිරිසට බලය දුන් ජනතාව වත්මන් අර්බුදයට වගකිව යුතු බව බැසිල් රාජපක්ෂ පවසනවා.
ඒ අද (09) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් සඳහා සහභාගි වෙමින්.
“බෝලෙ පාස් කරනවා කියන්න එපා. බෝලයක් කොහෙද? මට බෝලයක් ඇත්තෙත් නෑ. අපි කට්ටියට බලය දුන්නට ඒකට වග කියන්න ඕනෙ. දැන් ඔහෙලා කියන විදිහට අපි නම් බෝලෙ පාස් කරේ, ඒකට අපිට බෝලයක් දුන්න කට්ටිය වග කියන්න ඕනෙ.”
තව ද රාජපක්ෂවරුන්ට වඩාත් ම හැකියාවක් ඇත්තේ රාජ්‍යපාලනයට වඩා දේශපාලනයට බව අවධාරණය කළ මන්ත්‍රීවරයා කියා සිටියේ මෙරට ජනතාව අවස්ථා තුනක දී ම රාජපක්ෂවරු රාජ්‍ය පාලනය සඳහා තෝරා ගැනීමට කටයුතු කළ බවයි.
එසේ තිබියදීත්, ඊළඟ වතාවෙත් රාජ්‍ය පාලනය සඳහා ජනතාව විසින් රාජපක්ෂවරයෙක් තෝරන්න කටයුතු කිරීමට හැකි බවද හිටපු මන්ත්‍රීවරයා එහි දී කියා සිටියා.