24 C
Colombo
Saturday, January 25, 2025

මහින්ද රාජපක්ෂ ඇතුළු 39කට එරෙහි පෙත්සම ජුලි 04 කැඳවයි

- Advertisement -

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජූලි 04 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නියෝග කරනු ලැබුවා.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්. ටී. බී. දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද එම පෙත්සම කැඳවූ අවස්ථාවේදීයි.

ආචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුළු කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරු තිදෙනෙකු විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති අතර පෙත්සම්කරුවන් කියා සිටින්නේ වත්මන් රජය මෙරට පාලන බලය අත්පත් කර ගන්නා විට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇමෙරකානු ඩොලර් බිලියන 7.6 ක ට අධික විදේශ සංචිත පැවති බවයි.

එසේ වුවද වත්මන් රජය අනුගමනය කළ අදූරදර්ශී ආර්ථික ක්‍රියාකාරකම් සහ සිය හිතවතුන්ට පිරිනමන ලද බදු සහන ඇතුළු විවිධ අදූරදර්ශී ආර්ථික ක්‍රියා පිළිවෙත් නිසා වර්තමානයේ මෙරට ආර්ථිකය බරපතළ අර්බුදයකට ලක්වී තිබෙන බවත් එම පෙත්සමේ සඳහන්.

මේ හේතුවෙන් උද්ධමනය ජනතාවට දරා ගත නොහැකි ආකාරයට ඉහළ ගොස් ඇති බවත් ජනතාවට එදිනෙදා අවශ්‍ය කරන ආහාර හා අත්‍යාවශ්‍ය සේවාවන් පවා සපයා ගැනීම බරපතළ අර්බුදයකට ලක්ව තිබෙන බවත් ඔවුන් වැඩිදුරටත් කියා සිටිනවා.

වගඋත්තර කරුවන් විසින් අනුගමනය කළ අදුරදර්ශී සහ කාර්යක්ෂම ආර්ථික ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම වාතාවරණය නිර්මාණය වී ඇතැයි චෝදනා කරන පෙත්සම්කරුවන් ඒ තුළින් ඔවුන් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදුකර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද පෙත්සම්කරුවන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලය, වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් ආචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් සහ එම බැංකුවේ මුදල් මණ්ඩලය, හිටපු ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර, නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, අල්ලස් කොමිසම හා එහි කොමසාරිස්වරු තුන්දෙනා ඇතුළු 39 දෙනෙකු නම් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ගල්කිස්ස වෙඩි තැබීමට අදාළ සැකකරු අත්අඩංගුවට‍

ගල්කිස්ස ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුව අද (24) බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, සැකකරුට ඝාතනය සඳහා රුපියල්...

අල්ලසක් ගත් පොලිස් නිලධාරියෙක් මාට්ටු

රුපියල් 20,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් පොලිස් සැරයන්වරයෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගිරිබාව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලස පැමිණිල්ලකට අදාළව අදාළ පොලිස්...

තරග පාවාදීමේ සිද්ධියකට සම්බන්ධ ඉන්දියන් ජාතිකයෙක් රටින් පලා ගිහින්

පසුගිය වසරේ මහනුවර පල්ලේකැලේ පැවැති ලෙජනඩ් ට්‍රොෆි ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමට යෝජනා කළ බව කියන කණ්ඩායමක හිමිකරුවෙකු රටින් පළා ගොස් ඇතැයි කරුණු අනාවරණය වී...

POPULAR ARTICLES