25 C
Colombo
Friday, January 3, 2025

අධිකරණයට පහරදෙනවා කියපු පුද්ගලයෙක් පොලීසියෙන් සොයයි

- Advertisement -

යාපනය චාවකච්චේරි මහෙස්ත්‍රාත් අධිකරණයට ප්‍රහාරයක් එල්ලවන බවට තොරතුරු ලබාදුන් පුද්ගලයා සොයා මේ වන විට පුළුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බව චාවකච්චේරි පොලීසිය පවසනවා.

චාවකච්චේරි පොලීස් ස්ථානයට ඊයේ (29) දින කිසියම් නාඳුනන පුද්ගලයෙකු විසින් දුරකතන ඇමතුමක් ලබාදී චාවකච්චේරි මහෙස්ත්‍රාත් අධිකරණයට ප්‍රහාරයක් එල්ලකිරීමේ සැලසුමක් ඇති බවටයි දැනුම් දී තිබුණේ.

මේ හේතුවෙන් ඊයේ දින චාවකච්චේරි මහෙස්ත්‍රාත් අධිකරණය හා අවට ප්‍රදේශයේ විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන තිබූ අතර මේ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායද යොදවා තිබුණා.

කෙසේවෙතත් අදාල දුරකතන ඇමතුම ලබාදුන් පුද්ගලයා කව්රුන්දැයි යන්න අනාවරනණය වී නොමැති අතර පොලීසිය නොමග යැවීමේ අරමුණින් යුතුව මෙලෙස දුරකතන ඇමතුමක් ලබා දෙන්නට ඇති බවටයි පොලීසිය සැකපල කර තිබෙන්නේ.

අදාළ දුරකතන ඇමතුම ලබාදුන් පුද්ගලයින් කව්රුන්දැයි යන්න පිළිබඳව සෙවීමටද මේ වන විට පරික්ෂණයක් අරඹා ඇති බව චාවකච්චේරි පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

RECENT ARTICLES - SINHALA

මාතර බන්ධනාගාර සිද්ධිය ගැන විමර්ශනයක්

ගසක අත්තක් කඩා වැටීමෙන් බන්ධනාගාරයේ රැඳවියෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ මෙම...

තරුණියක් රෝහලට යෑවූ පිටකොටුවේ බීම බෝතලය

පිටකොටුව, පීපල්ස් පාර්ක්හි පිහිටි ආපන ශාලාවකින් මිලදීගත් පැණි බීම බෝතලයක් පානය කිරීමෙන් පසුව රෝගාතුර වූ 19 හැවිරිදි තරුණියක් රෝහල්ගත කර තිබෙනවා. පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ...

පාසල් මගහරින උසස් පෙළ සිසුන් ගැන හොයන්න

උසස් පෙළ අධ්‍යාපනය හදාරන සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයාබැලිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ කුමන හේතුවක් මත හෝ දරුවන්ට...

POPULAR ARTICLES