30 C
Colombo
Saturday, September 14, 2024

මත්ද්‍රව්‍ය අලෙවි කරන නිවසක සිටි පොලිසියේ තිදෙනෙක් අත්අඩංගුවට

- Advertisement -

මත්කුඩු අලෙවි කරන නිවසක් බවට හඳුනාගෙන ඇති නිවසක සැක කටයුතු අන්දමින් රැඳී සිටි පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු අද (29) අලුයම අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලීසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, මතුගම පොලීසියේ රාජකාරියේ නියුතු කොස්තාපල්වරුන් තිදෙනෙක්.

සැකකාර පොලිස් නිලධාරින් තිදෙනා මත්කුඩු අලෙවි කරන නිවසක රැඳී සිටින බවට උසස් පොලිස් නිලධාරියෙකුට ලද තොරතුරක් මත වැලිපැන්න පොලීසිය දැනුවත් කිරීමෙන් පසු රාත්‍රි ජංගම සංචාරයේ නිරත නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ, සැකකාර පොලිස් නිලධාරීන් අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා එහි රැඳී සිටියේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවයි.

සැකකරුවන් වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර වෛද්‍ය වාර්ථාවක් ලබාගැනීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක් 

බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ක්‍රියාත්මක සියලුම බලපත්‍ර කවුලු ලබන 20වන සිකුරාදා දිනයේ වසා තැබෙන බව පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය...

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ එක් චෝදනාවකින් දුමින්දට නිදහස

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ 17 වැනි චෝදනාවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා හා චමින්ද රවී ජයනාත් ඇතුළු විත්තිකරුවන් සියලුදෙනා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදොස්...

මාලිමාවේ රැස්වීමකට ගිය පිරිසකට පහර දීලා

මොනරාගල ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමකට සහභාගී වී නැවත පැමිණෙමින් තිබූ බස් රථයකට යම් කිසි පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම පක්ෂයේ ජනාධිපති ධුර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය ගැන දැනුම්දීමක්

2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. අද (10) පැවැති...

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් (වීඩියෝ)

0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපති...