25 C
Colombo
Friday, October 25, 2024

ගව සොර කල්ලියකට නායකත්වය දුන් පොලිස් නිලධාරියා අත්අඩංගුවට

- Advertisement -

පොලිස් නිලධාරියෙකුගේ නායකත්වයෙන් ක්‍රියාත්මක ගව සොර කල්ලියක් ගැන තොරතුරු හෙළිකරගත් පදවිය පොලීසිය එම සොරකමට සම්බන්ධ පොලිස් නිලධාරියාත්, පශු වෛද්‍යවරයෙක් ඇතුළු 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අනුරාධපුර උඩමළුව පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පසුගිය දෙසැම්බර් 23 වෙනිදා සිට අසනීප නිවාඩු මත සිට ඇති බවයි.

පශු වෛද්‍යවරයාද පදවිය ප්‍රෙද්ශයේ සේවයේ නිරත අයෙක් බවත් සොරාගන්නා ගවයින් වෙනුවෙන් සහතික නිකුත්කර තිබෙන්නේ ඔහු විසින් බවටත් තොරතුරු පොලීසිය විසින් හෙළිකරගෙන තිබෙනවා.

පදවිය පොලීසියට පසුගිය දෙසැම්බර් 22 වෙනිදා වාර්තා වූ රුපියල් ලක්ෂ 17කට අධික වටිනාකමක් ඇති එළ ගවයින් 08 දෙනෙක් සොරාගැනීමක් සහ පසුගිය ජනවාරි 21 වෙනිදා වාර්තා වූ රුපියල් ලක්ෂ 28ක් වටිනා එළ ගවයින් 20 දෙනෙකු සොරා ගැනීමක් සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී මෙම පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබුණා.

මෙම නිලධාරියා වැලිසර ගව ඝාතකාගාරයේ පිරිසක් සමග එක්ව ලොරි පිටින් ගවයින් සොරාගෙන පටවා ඇති බව විමර්ශන වලින් අනාවරණය වු බව පොලිසිය සඳහන් කළා.

සොරා ගන්නා ගවයින් වැලිසරට රැගෙන ගොස් ඇත්තේ නීත්‍යානුකූල බලපත්‍ර යොදාගෙන බවත් ඒ සඳහා අවශ්‍ය පශු වෛද්‍ය සහතික පශු වෛද්‍යවරයා විසින් ලබාදී ඇති බවත් විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන් කබලෙන් ලිපටම වැටෙයිද?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනු කර ඇති...

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව කල් ගිහින්

ලබන මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට තීරණය කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනය කළා. එම මණ්ඩලය කියා...

කටුනායක අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්

පෑලියගොඩ සිට කටුනායක දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා. එම මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...