26 C
Colombo
Wednesday, March 19, 2025

සමහර මුස්ලිම් දේශපාලකයින්ගේ දේශපාලනය හරාම් – බිමල්

- Advertisement -

කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ්ට එල්ල කරන අසාධාරණ විවේචන නතර කිරීමට මුස්ලිම් දේශපාලන නායකයින් මැදිහත් විය යුතු බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

ඊයේ (18) පාර්ලිමේන්තුවේදී ඔහු සඳහන් කළේ මුස්ලිම් මෙන්ම හින්දු සහ උඩරට ජනතාවට අදාළ වන පෞද්ගලික නීති ගණනාවක් මෙරට තුළ පවතින බවත් අදාළ ඉස්ලාමීය නීති වෙනස් කරන්නේ නම් එය එම ජනතාව සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව පමණක් සිදු කරන බව ජනාධිපති අපේක්ෂක වශයෙන් සිටියදී අනුර කුමාර දිසානායක මහතාද ප්‍රකාශ කර ඇති බවයි.

එසේ තිබියදී, පළාත් පාලන ඡන්දයේදී වාසි ලබා ගැනීමේ අරමුණෙන් ඇතැම් මුස්ලිම් දේශපාලනඥයින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව සරෝජා පෝල්රාජ් අමාත්‍යවරිය ඉලක්ක කොට ගනිමින් නින්දිත ප්‍රහාර එල්ල කරන බව බිමල් රත්නායක මහතා මෙහිදී සඳහන් කළා.

“සමහර මුස්ලිම් දේශපාලකයින්ගේ දේශපාලනය හරාම්, business හරාම්, එයාලා ආගම නාමයෙන් කරන ඒවත් හරාම්…”

මම දුක් වෙනවා ගරු කතානායකතුමනි, ස්වර්ගය ඇත්තේ මවගේ දෙපතුලට පහළිනි කියලා හදීස්වල තිබියදී, අම්ම කෙනෙක් වෙච්ච කාන්තා කටයුතු ඇමතිනියට මෙහෙම කරන එක ගැන, අපි පක්ෂයක් වශයෙන් ප්‍රතිපත්තියක් වශයෙන් කියලා තියෙනවා අපි ජාතිවාදය කරන්නේ නෑ කියලා…”

RECENT ARTICLES - SINHALA

රනිල්ට ඇයි මෙච්චර බය – තලතා අතුකෝරළ

භීෂණ සමයේ ඝාතනය වූ සියලු දෙනා වෙනුවෙන් පරික්ෂණයක් සිදුකළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරළ පවසනවා. අද (18) මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය...

නිලධාරීන්ගේ පහරදීමකින් රැඳවියෙක් මරුට

මැගසින් බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකදී සිදුවූ පහරදීමකින් තුවාල ලැබූ රැඳවියෙකු මියගොස් තිබෙනවා. අදාළ පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුට සහ තවත් රැඳවියන් දෙදෙනෙකුටයි. අයිස්...

වැලිකන්ද හිටපු OIC අල්ලන්නැයි නියෝගයක්

වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොළොන්නරුව අංක 02 මහේස්ත්‍රාත් එන්. අන්සර් සදාත් මහතා පොලිසියට අද (18) නියෝග කර තිබෙනවා. ඒ...

POPULAR ARTICLES