27.6 C
Colombo
Wednesday, March 26, 2025

පාප් වහන්සේ රෝහලෙන් පිටව ගිහින්

- Advertisement -

මසකටත් වවැඩි කාලයක් රෝමයේ රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට රෝහලෙන් පිටව යාමට අවසර ලබා දී තිබෙනවා.

කෙසේ නමුත් උන් වහන්සේට තවදුරටත් විවේක සුවයෙන් පසුවන ලෙසට වෛද්‍ය උපදෙස් ලබා ඇති බව වාර්තා වනවා.

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, පසුගිය පෙබරවාරි මස 14 වැනිදා හදිසියෝ රෝහල්ගත කෙරුණේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුකරගෙනයි.

අනතුරුව උන්වහන්සේ ද්විත්ව නියුමෝනියා රෝගී තත්ත්වයකට ද ගොදුරු වූ අතර තරමක් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූවා.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රතිකාර ලැබුවේ රෝමයේ ජිමෙල්ලි රෝහලේදීයි.

88 හැවිරිදි පාප් වහන්සේ අද දිනය තුළ රෝහලෙන් පිටව යනු ඇති බව රෝම මාධ්‍ය වාර්තා කර තිබුණා.

රෝහලෙන් පිටව යාමට පෙර පාප් වහන්සේ එහි කවුළුවකින් මහ ජනතාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

එය උන් වහන්සේ රෝහල්ගතවීමෙන් පසුව අනුගාමිකයින් හමුවේ පෙනී සිටින පළමු අවස්ථාව වනු ඇති.

ශුද්ධෝත්තමයන් වහන්සේගේ කාලසටහනට අනුව උන් වහන්සේ බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු හමුවීමට නියමිතව පවතින අතර, ඉදිරි කාලය තුළ පාස්කු සැමරුම් සඳහා ද එක්වීමට නියමිතයි.

ඒ සම්බන්ධ ඉදිරි කටයුතු පසුව දැනුම්දීමට නියමිතව පවතිනවා.

RECENT ARTICLES - SINHALA

ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක්

ඖෂධ සඳහා උපරිම සිල්ලර මිල යාන්ත්‍රණයක් නියාමනය කිරීම සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අදාළ...

මැතිවරණ කොමිසමෙන් කාර්යාල ලොක්කන්ට පණිවිඩයක්

මැතිවරණ සමයේදී ගන්නාවූ තීරණ දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු අමාත්‍යාංශ වලට සහ රාජ්‍ය ආයතන වලට දැනුම් දී තිබෙනවා. එම කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් පැවසුවේ,...

ගිවිසුම් වෙනස් කරනවා කියන්නේ ආයෝජකයින් අධෛර්යමත් කිරීමක් -රනිල්

බලශක්තිය සම්බන්ධව සමාගම් සමඟ එකඟවූ ගිවිසුම් වෙනස් කිරීමට හා එහි මිල ගණන් වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම ගැටලුකාරී තත්ත්වයක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

POPULAR ARTICLES