තවත් දින කිහිපයක් දිවයිනේ ප්‍රදේශ රැසකට පස්වරු 6 සිට රාත්‍රී 9 දක්වා පැයක පමණ කාලයක් විදුලිය විසන්ධිවීමේ හැකියාවක් පවතින බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍යාංශය පවසන්නේ නොරොච්චෝලේ බලාගාරයේ ජනක යන්ත්‍ර තුන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වී මෙගාවොට් 900 ක විදුලි ධාරිතාවය ලැබෙන තුරු මෙම විදුලි විසන්ධිවීම සිදුවන බවයි.
මේ අතර සාමාන්‍ය ජනතාවට සිදුවන අපහසුතා සැලකිල්ලට ගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් විසින් ක්‍රියාත්මක කර තිබූ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයද ඊයේ (03) සිට තාවකාලිකව අත්හිටුවනු ලැබූවා.