26 C
Colombo
Sunday, December 22, 2024

අදත් පැයක් කපනවා – විදුලිබල මණ්ඩලය

- Advertisement -

විදුලි කප්පාදුව තවදුරටත් ක්‍රියාත්මක වෙමින් අද (08) දිනයේද දිවයිනේ ප්‍රදේශ රැසකට පැයක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.

විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ පස්වරු 6 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුළ එම විදුලි කප්පාදුව සිදුකරන බවයි.

කෙසේ වෙතත් විදුලිය කප්පාදු කරන ප්‍රදේශ පිළිබදව නිශ්චිතව අමාත්‍යාංශය සදහන් නොකරන අතර අවශ්‍යතාවය අනුව එය සිදුකිරීමට නියමිත බව සුලක්ෂණ මහතා පවසනවා.

ඔහු සදහන් කරන්නේ නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත්කරන තෙක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අවම වශයෙන් පැයක කාලයක් හෝ විදුලි සැපයීම අත්හිටුවීමට සිදුවිය හැකි බවයි.

දිවයින පුරා පසුගිය 03 වනදා සිදුවූ විදුලි බිඳවැටීමත් සමග නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ විදුලි ජනනයද බිඳ වැටීමට ලක්ව තිබුණෘ.

එම බලාගාරයෙන් සපයන පූර්ණ ධාරිතාව ජාතික පද්ධතියට එක්කිරීමට දින 3ක පමණ කාලයක් ගතවිය හැකි බව විදුලිබල අමාත්‍යාංශය නිවේදනය කරනවා.

RECENT ARTICLES - SINHALA

බංකොලොත්භාවයෙන් ඉවත්වීම ඓතිහාසික මොහොතක්

රට බංකොලොත්භාවයෙන් ඉවත් වූ ඊයේ(20) දිනය ඓතිහාසික දිනයක් බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසනවා. X පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ආර්ථික තත්ත්වය...

ලංකාවේ වැඩිහිටි අධ්‍යාපනයට දී ඇත්තේ අඩු බරක්

ශ්‍රී ලංකාව තුළ වැඩිහිටි අධ්‍යාපනය සඳහා අඩු බර තැබීමක් සිදු කර ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ මානව සම්පත් සංවර්ධන ආයතනයේ අංශ ප්‍රධානී මහාචාර්ය සාගර...

වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කරමින් ගැසට්ටුවක් 

සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් විය යුතු බව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංශෝධන...

POPULAR ARTICLES