ඖෂධ නියාමන අධිකාරියේ රහස් තොරතුරු පිටස්තර පුද්ගලයන් වෙත ලබා දෙන බවට සැක කරමින් ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා දෙසැම්බර් 2 වන දා සිට අනිවාර්ය නිවාඩු යැවීමට අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම විසින් කටයුතු කර තිබෙනවා.
ඊයේ (03) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා මේ බව පවසා සිටියා.
මේ අතර රණදේව මහතාගේ පෞද්ගලික ජංගම දුරකතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත්කර තිබෙන බව ඔහු සඳහන් කළා.
මේ පිළිබඳව වහා පරීක්ෂණයක් සිදු කරන ලෙස පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ එකාබද්ධ බලමණ්ඩලය සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියා කලාපය ගැන පාර්ලිමේන්තුවේදී ඊයේ (03) අදහස් දැක්වූ සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස රට තුළ බරපතළ ඖෂධ හිඟයක් පවතින අතර ඊට ප්‍රධාන හේතුව ඖෂධ නියාමන අධිකාරිය තුළ පවතින බරපතළ අකාර්යක්ෂමතාව බව ත් එය දැන් අපි නිවැරැදි කරගෙන යන බවත් පවසා සිටියා.
ඇමතිවරයා සඳහන් කළේ ඖෂධ නියාමන අධිකාරිය නිසි ලෙස ඖෂධ ලියාපදිංචි කිරීම හා නැවත ලියාපදිංචිය කිරීම විශේෂයෙන් ම රජයේ රෝහල්වල හිඟ ඖෂධ ලියාපදිංචි කිරීම අකාර්යක්ෂමව සිදු කිරීමට මෙයට හේතුව බවයි.