ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා.
චීන රාජ්‍ය සංචාරයේ අවසන් දිනය වූ අද (17) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි (Wang Xiaohui) මහතා අතර හමුවක් සිදු වුණා.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ඉන් අනතුරුව ජනාධිපතිවරයා චීනයේ සිචුවාන්හි චෙන්ග්ඩු ප්‍රදේශයේ පිහිටි ඩොංෆැන්ග් විදුලි සංස්ථාවේ (Dongfang Electric Corporation) නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බවයි.
සිය සිව් දින චීන රාජ්‍ය සංචාරයේ අවසානය සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, බිම් මට්ටමේ තිරසාර සංවර්ධනය තුළින් ග්‍රාමීය පුනර්ජීවනය නිරූපණය කරන ආදර්ශ ගම්මානයක් වන ෂැන් කි ආදර්ශ ගම්මානය සහ ජාතික විද්‍යා, තාක්ෂණ හා කෘෂිකර්ම මධ්‍යස්ථානය නැරඹීමටද එක්ව තිබුණා.