ආරක්ෂක අමාත්‍යාංශයේ ‘සූර්ය මංගල්‍යය – 2023’ සමාප්ති උත්සවය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් (විශ්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පවත්වා තිබෙනවා.
ඒ අකුරේගොඩ ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී යි.
ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් ඊයේ දිනය පුරා පැවති මෙම අවුරුදු උත්සවය අවුරුදු ක්‍රීඩා මෙන්ම සංස්කෘතිකාංග රැසකින් සමන්විත වූ බව සඳහන්.
අවුරුදු කුමරා, කුමරිය ඇතුළු අවුරුදු ක්‍රීඩා තරග ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග ප්‍රදානයත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක විසින් සිදු කර තිබෙනවා.