28.2 C
Colombo
Saturday, April 12, 2025

මහපොළ ඉහළ නැංවීමට ජනපතිගේ අවධානය

- Advertisement -

මහපොළ ශිෂ්‍යාධාරය ඉහළ නැංවීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමුව තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ පිළිබඳව අවධානය යොමුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබා දෙන මහපොළ ශිෂ්‍යාධාරය ලෙස මේ වන විට මාසිකව රුපියල් 5000 බැගින් ලබා දෙනවා.

එය ලබන අප්‍රේල් මාසයේදී රුපියල් 7500 දක්වා ඉහළ නැංවීමට පසුගිය සැපතැම්බර් මාසයේදී කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා.

මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් දස දහස දක්වා වැඩි කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මීට පෙර යෝජනා කර තිබුණා.

රුපියල් 5000 බැගින්  මහපොළ ශිෂ්‍යාධාරය ලබා දීමට මේ වන විට වාර්ෂිකව රුපියල් කෝටි 300ක් පමණ වැය වන අතර එය රුපියල් 7500 දක්වා ඉහළ නැංවීමේදී අමතර රුපියල් කෝටි 200ක පමණ මුදලක් වෙන් කිරීමට සිදුව තිබෙනවා.

කෙසේවෙතත් මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් දස දහස දක්වා වැඩි කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අපේක්ෂාව වී ඇති අතර ඒ සඳහා ඇති හැකියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගේ අවධානය යොමු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

“කොටු කැපීම” නීති විරෝධීයි අහුවෙන්න එපා! -NLB

කොටු කැපීම නමින් නීතිවිරෝධී සූදුවක් රටේ විවිධ ප්‍රදේශවලශවල ක්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු ලැබී ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලය නිවේදනය කරනවා. නීති විරෝධී ලෙස මුදල්...

අවුරුද්දට ගමේ යන්න අදත් විශේෂ ප්‍රවාහන සේවා

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ මගී ප්‍රවාහන සේවා අද (12) දිනයේද ක්‍රියාත්මකයි. ඒ අනුව, මහනුවර, පුත්තලම, දඹුල්ල හා ගාල්ල...

ප්‍රදේශ රැසකට අද තද වැසි

අද (12) උදෑසන කාලයේදී  බස්නාහිර සහ දකුණු පළාත්වලත්  පුත්තලම, යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම...

POPULAR ARTICLES