අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ආපන ශාලාවල ආහාර පානවල මිල සියයට 10කින් පහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
එම සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියේ මේ අනුව තේ කෝප්පයක නව රුපියල් 30ක් වන අතර කිරි තේ කෝප්පයක මිල රුපියල් 100ක් දක්වා පහළ දමා ඇති බවයි.
ඊට අමතරව බිත්තර රොටි, රෝල්ස් සහ එළවළු රොටියක මිල රුපියල් 10කින් අඩු කෙරෙන අතර කෑම පාර්සලයක මිල සියයට 10කින් අඩු කරන බවයි ඔහු සඳහන් කළේ.