අගමැති හදිසියේම පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

රට තුළ තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා. අද පෙරවරුවේ කොළඹට රැස්වූ විශාල පිරිසක් ජනාධිපති මන්දිරය වටලා ඊට ඇතුළු වූ අතර පසුව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ද ඇතුළු වී තිබුණි. විවිධ බාධාවන් නොතකමින් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් තවමත් කොළඹට පැමිණෙමින් සිටිති.