26 C
Colombo
Friday, November 8, 2024

අල්ලස් ගත් විදුහල්පතිනිය රිමාන්ඩ්

- Advertisement -

තම පාසලේ පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළත් කිරීම සඳහා දෙමව්පියන්ගෙන් රුපියල් 150,000/-ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාගම, මත්තුමගල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිනිය ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය අද (08) දහවල් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට පමුණුවනු ලැබුවා.

අදාළ අල්ලස් මුදල එම දරුවාගේ මවගෙන් සිය කාර්යාලය තුළ ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණා.

සුදුසුකම් නොමැති නිසා පැමිණිලිකාරියගේ දරුවා පාසලට ඇතුළත් කර ගත නොහැකි බවත් අදාළ අල්ලස් මුදල ලබා දෙන්නේ නම් ඇතුළත් කළ හැකි බවත් සැකකාරිය විසින් ප්‍රකාශ කොට ඇතැයි අල්ලස් කොමිසම අධිකරණය ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වුණා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුවන අවස්ථාවේ සැකකාරීය සතුව තවත් රුපියල් 260,000කට ආසන්න මුදලක් තිබී සොයා ගත් බවත් එම මුදල් ඇයට ලැබුණේ කෙසේදැයි වැඩිදුර විමර්ශන සිදුකරන බවත් අල්ලස් කොමිසම වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී සිටියා.

RECENT ARTICLES - SINHALA

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සාමාන්‍ය රාජකාරි සඳහා නොවැම්බර් 13 සහ 14 යන දෙදින වසා තබන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනය...

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක කිහිපක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පූර්ව නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. එම සංවිධානය නිකුත් කල නිවේදනයේ...

පාසල් ඉගෙනීම් කටයුතු සඳහා වට්ස්ඇප් භාවිතය ගැන අලුත් චක්‍රලේඛයක්

පාසල් අධ්‍යාපන කටයුතු සහ සන්නිවේදනය සඳහා 'සමාජ සන්නිවේදන යෙදවුම්' භාවිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. එම අමාත්‍යංශ ලේකම්,...

POPULAR ARTICLES