25 C
Colombo
Monday, November 18, 2024

රු. 5000ක් දීලා ප්‍රශ්නෙ විසඳන්න බෑ..! – විමල්ගෙන් බැසිල්ට කණේ පහරක්

- Advertisement -

රුපියල් 5000ක් දීමෙන් රටේ ආර්ථික අර්බුදය විසඳීමට නොහැකි බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

ඒ, ඊයේ (12) දින පස්වරුවේ කොළඹ ගලදාරී හෝටලයේ පැවති “CNCI Achievers Awards 2021 for Industrial Excellence” උළෙලෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් පැවැත්වූ දේශනයේදීයි.

රටේ ආර්ථිකය නගා සිටුවිම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ ආර්ථික පැකේජයක් යටතේ ජනතාවට රුපියල් පන්දහසක් ලබාදීම විවේචනය කරමින් අමාත්‍යවරයා පවසා සිටියේ එසේ රුපියල් බෙදා දුන්නද ඩොලර් අච්චු ගැසීමේ හැකියාවක් නොමැති බවත් බොරු කිරීම නතර කළ යුතු බවත් ය.

අයවැය පරතරය පියවීමට ණය ගනිමින් එම ණයවල පොලී ගෙවීමට නැවතත් ණය ගනිමින්, දශක ගණනාවක් පැමිණි ගමනේ කෙලවර නිර්දය සත්‍යයට වර්තමානයේදී මුහුණ දීමට සිදුව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අපේ රටේ විදේශ විනිමය සංචිතය සැලකිය යුතු මට්ටමකට යනතුරු කිසිදු ‘රේටින් ආයතනයක්’ ‘රේටින්ස්වලින්’ දැන් තිබෙන තත්වයෙන් ඉහළට අපේ රට ඔසවා තැබීමට කටයුතු කරාවි, කියලා බලාපොරොත්තු වීමට බැහැ. රේටින්ස්වලින් ඉහළට ගියොත් තමයි අපට ආයෝජනයක් ලෙස හෝ ණයක් ලබාගත හැකි වාතාවරණයක් ජාත්‍යන්තරව ඇති වන්නේ.

අපි කියනවා සංචාරක ව්‍යාපාරයෙන් විදේශ විනිමය විශාල වශයෙන් ලැබෙනවා, කියා . නමුත් පැමිණෙන පිරිසට පහසුකම් සැලසීමට අපි විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටෙන් එළියට ද යවනවා. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය, ඇත්ත ප්‍රමාණය ලෙස පිළිගැනීමට අපහසු යි. කෙසේ නමුත් මේ මා ඉදිරිපිට සිටින ඔබ තමයි අතීතයේ සිට මේ අර්බුදයට උත්තර සෙවීමට කැප වූ පිරිස.

එදා සිට අපේ රට පුරුදු වුණේ ‘විදේශ ණය මත රටේ සංවර්ධනය’ කියන සංකල්පය බලගන්වා පෙන්වීමට. එදා සිට විශාල අයවැය පරතරයක් හැදෙනවා. එම පරතරය පියවීමට ණය ගැනීමට බල කෙරෙනවා. ණය ගනිමින්, එම ණයවල පොලී ගෙවීමට නැවතත් ණය ගනිමින්, දශක ගණනාවක් පැමිණි ගමන කෙළවර, අපට නිර්දය ඇත්තට මුහුණ දීමට සිදුව තිබෙනවා.

අපට බොරු කරන්න බැහැ. අපට ඩොලර් අච්චු ගහන්න බැහැ. අපට විදේශ විනිමය උපයන්න නම්, මේ රටෙන් එළියට යන විදේශ විනිමය ප්‍රමාණය අඩු කරන්න නම් ඊට අවශ්‍ය පියවර ගත යුතුයි. රුපියල් 5000 බැගින් ලබා දීලා ඒ කරන්න බැහැ. අද පවතින කේන්ද්‍රීය අභියෝගය, විදේශ විනිමය ඇද්දවිය හැක්කේ කාට ද, ඒ අයවයි බලගැන්විය යුත්තේ. විදේශ විනිමය උපදවිය හැකි අය තමයි කර්මාන්තකරුවන් වන ඔබලා.

‘මේ ණය ගෙවන්න – තවත් ණයක් ගැනීම’ වැනි උත්තරවලින් යන්න පුළුවන් උපරිම දුර අපි ඇවිල්ලා තිබෙන්නේ. රේටින්ස්වලින් වට්ටලා තිබෙන තැනත් එක්ක අපට ණයක් දෙන්න කවුරුත් හිත හදා ගන්නේ නැහැ. ඒ නිසා ‘ණය අරන් සැපට ජීවත් වූ යුගය ඉවරයි’ කියා හිතලා මේ රටේ කර්මාන්ත බලගන්වලා, අපේ කර්මාන්තකරුවන් විදේශ විනිමය උපදවන මහා බලඇණිය බවට පත්කිරීමයි අප විසින් කළ යුතුව තිබෙන්නේ.

රජයක් හැටියට අපි ඒ අරමුණ වෙනුවෙන් කැපවෙනවා. ඊට අදාළ පහසුකම් සැපයීමට කර්මාන්ත අමාත්‍යාංශය ලෙස අප ඇපකැප වී කටයුතු කිරීමට සූදානම්.”

RECENT ARTICLES - SINHALA

නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය පවසනවා. සාම්පූර් නාවික...

ලීක් වෙච්ච ඒවා බලන්නෙ බලාගෙනයි

0
මේ දිනවල සමාජ මාධ්‍ය හරහා වැඩි වශයෙන් සංසරණය වන වීඩියෝවක් නිසා මේ වන විට ගැටළු රැසක් නිර්මාණය වී තිබෙනවා. ප්‍රසිද්ධ රංගන ශිල්පිනියකගේ පෞද්ගලික වීඩියෝවක් කවුරුන්...

ඉන්දියාව – කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව නවතියි

ඉන්දියාව සහ යාපනය - කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව ලබන මස 18 වනදා දක්වා තාවකාලිකව නතර කිරීමට ශිවගංගී නැව් සමාගම තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික තත්ත්වය...

POPULAR ARTICLES