එකතු කළ අගය මත බදු (වැට්) පනත යටතේ නියමය අද (02) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 36කින් සම්මත කෙරුණා.
එහිදී නියමයට පක්ෂව ඡන්ද 55ක් සහ විරුද්ධව ඡන්ද 19ක් හිමි වුණා.
එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය අනුමත කිරීමට සලකා බැලුණු අවස්ථාවේදී ඊට විරුද්ධ යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මුලසුනට දැනුම් දුන් අතර ඒ අනුව මෙම ඡන්ද විමසීම පැවැත්වුණා .
අනතුරුව අප්‍රේල් 24 දක්වා පාර්ලිමේන්තුව කල්තැබුණා.
මේ අතර බැංකු සංශෝධන පනත් කෙටුම්පතද අද (02) පාර්ලිමේන්තුවේදී තුන්වන වර කියවා සංශෝධන රහිතව සම්මත කර ගෙන තිබෙනවා.