32 C
Colombo
Thursday, April 24, 2025

ජනමතය කෑලි කෑලි මත තීරණය කරන්න බැහැ – තිස්ස අත්තනායක

- Advertisement -

පළාත් පාලන ඡන්දයේදී සමහර පළාත්වල මැතිවරණය කල් යෑම ඉතා බරපතල තත්වයක් බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මෙම මැතිවරණ ක්‍රියාවලියේ නාමයෝජනා ඉතාමත් සංකීර්ණ බවත් එම ක්‍රියාවලිය සංකීර්ණ නොවී සරල කරන ලෙසට මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවයි.

එබැවින් මැතිවරණ සංකීර්ණ බව අවම කර ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය සහතික කර දෙන්නැයි ඉල්ලමින් ඔහු කියා සිටියේ, ජනමතය යනු වරින් වර කෑලි කෑලි මත තීරණය කළ නොහැකි බවයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා :

“ පළාත් පාලන මැතිවරණයේ මේ දවස්වල තද අවිනිශ්චතාවයකට මුහුණ දීලා තියෙනවා. ඒ තමයි නාමයෝජනා විශාල ප්‍රමාණයක් අවලංගු වීම ඒ පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ග ගණනාවකට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා සමහර පළාත්වල මැතිවරණය කල් යන්න ඉඩ තිබෙනවා කියලා වාර්තා වෙමින් තිබෙනවා. ඒක ඉතා බරපතල තත්වයක්. මොකද ජනමතය කියන එක වරින් වර කෑලි කෑලි මත තීරණය කරන්න බැහැ. විශේෂයෙන්ම මේ මැතිවරණ ක්‍රියාවලියේ නාමයෝජනා ඉතාමත් සංකීර්ණයි. අපි ඉල්ලනවා මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳව ඇතිවෙච්ච මුහුණ දීපු මේ තත්වයන් සලකා බලලා රජයට යෝජනාවක් ඉදිරිපත් කරන්න මේ මැතිවරණ ක්‍රියාවලිය සංකීර්ණ නොවී තවදුරටත් සරල කරන්න. එගොලන්ට පුලුවන් මැතිවරණ කොමිසම හැටියට නිර්දේශ ඉදිරිපත් කරන්න. එතකොට පනතට සංශෝධන ටික ගේන්න ආණ්ඩුවට පුලූවන්. ඒ නිසා මැතිවරණ කොමිසම කරුණාකරලා මේ මැතිවරණ සංකීර්ණ බව අවම කරලා ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය වන ඡන්ද අයිතිය සහතික කරලා කුමන පක්ෂකයට හෝ කුමන පුද්ගලයෙකුට ලබා දෙන්න කියන අයිතිය ආරක්ෂා කරලා දෙන්න”

කෙසේවෙතත් නියමිත කාල සමාව තුළ අදාළ නාමයෝජනා භාර නොදුන් බවට චෝදනා කරමින් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීන් ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කර තිබුණු පෙත්සමකට අනුව කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමේ කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය  අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

මෙම තීන්දුවට එරෙහිව වගඋත්තරකරුවන්ට විරෝධතා ඇතිනම් මැයි 05 දිනට පෙර ඒවා ඉදිරිපත් කරන ලෙසත් මැයි 07 දිනට පෙර පෙත්සම්කරුවන්ට ඊට ප්‍රතිවිරෝධතා ඇත්නම් ගොනු කරන ලෙසත් අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල තීන්දු කළා.

 ඉන් අනතුරුව පෙත්සම් විභාගය මැයි මස 16 වැනිදා පැවැත්වීමටද දින නියම කෙරුණා.

RECENT ARTICLES - SINHALA

ඡන්ද කාඩ් 85ක් එක්ක අපේක්ෂිකාවක් අල්ලයි

ඡන්ද කාඩ් පත් 85 ක් සමග සර්වජන බලය පක්ෂයෙන් පුත්තලම මහ නගර සභාව සඳහා තරඟ වදින අපේක්ෂිකාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, සැකකාරිය සන්තකයේ...

රට පුරා මිල්කෝ අලෙවිසැල් 500ක්

ශ්‍රී ලංකාව පුරා කිරි අලෙවිසැල් 500ක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව මිල්කෝ පුද්ගලික සමාගම පවසනවා. එම සමාගම පවසන්නේ, දේශීය කිරි ව්‍යවසායකයින් 500ක් සමඟ හවුල්කාරිත්වයෙන් මෙම...

යාවත්කාලීන වෙන මහපොළ ලැයිස්තුව

මහපොළ දීමනාව ලබන විශ්වවිද්‍යාල සිසුන්ගේ ලැයිස්තුව යාවත්කාලීන කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ,...

POPULAR ARTICLES

ඡන්ද කාඩ් 85ක් එක්ක අපේක්ෂිකාවක් අල්ලයි

ඡන්ද කාඩ් පත් 85 ක් සමග සර්වජන බලය පක්ෂයෙන් පුත්තලම මහ නගර සභාව සඳහා තරඟ වදින අපේක්ෂිකාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, සැකකාරිය සන්තකයේ...

සේවක අර්ථසාධක අරමුදලේ කෝටි ගාණකට මොකද වුණේ?

සේවක අර්ථ සාධක අරමුදල සමාගම් 15ක කර තිබූ රුපියල් කෝටි 2179ක ආයෝජනයන්ගෙන් ප්‍රතිලාභ ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්ෂික වාර්තාවේ දැක්වෙනවා. සාමාන්‍ය කොටස් ආයෝජනයන්...

යාවත්කාලීන වෙන මහපොළ ලැයිස්තුව

මහපොළ දීමනාව ලබන විශ්වවිද්‍යාල සිසුන්ගේ ලැයිස්තුව යාවත්කාලීන කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ,...