26.9 C
Colombo
Thursday, December 12, 2024

බාලවයස්කාර දැරියක් ගණිකා වෘත්තියේ යෙදවූ අයෙකුට ලැබුණු දඬුවම

- Advertisement -

බාලවයස්කාර දැරියක් (14) ගණිකා වෘත්තියේ යෙදවූ 31 හැවිරිදි අයෙකුට වසර 30 සිර දඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (12) නියෝග කළා.

නියෝගය ලබා දෙමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළේ එය අවුරුදු 10කින් ගෙවී යා යුතු බවයි.

එමෙන්ම විත්තිකරුට රුපියල් 45,000ක දඩයක් නියම කළ විනිසුරුවරයා අතවරයට පත් දැරියට රුපියල් හාරලක්ෂ පනස්දහසක වන්දියක් ගෙවන ලෙසත් නියෝග කළා.

අදාළ දැරිය නීති විරෝධීව රඳවාගෙන ගණිකා වෘත්තියේ යෙදවීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව චෝදනා ගොනුව තිබුණා.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරුවරයා පැවසුවේ තම මවට, සහෝදරියට සහ බිරිඳට ගරු කරන්නා සේම සමාජයේ සිටින නුවණින් මුහුකුරා නොගිය මෙවැනි දරුවන්ටද ගරු කිරීමට සෑම පුද්ගලයෙකුම වග බලා ගත යුතු බවයි.

එවැනි දරුවන්ට අනීතික ආකාරයෙන් කටයුතු කරන මෙවැනි පුද්ගලයින්ට අධිකරණයෙන් කිසිසේත්ම සමාවක් හිමි නොවන බවත් විනිසුරුවරයා විත්තිකරුට දඬුවම් නියම කරමින් සඳහන් කළා.

මෙහිදී දඬුවම් නියම කිරීමට පෙර යමක් පැවසීමට තිබේදැයි විනිසුරුවරයා අතවරයට පත් තැනැත්තියගෙන් විමසා සිටියා.

එහිදි විත්තිකරුට දඬුවම් ලබාදී තමන්ට යුක්තිය ඉටුකරන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිට තිබුණා.

මෙහිදී රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ අනාගතයේදී මෙවැනි වැරදි සිදු කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින්ටද පාඩමක් වන ආකාරයෙන් මෙම විත්තිරුට දැඩි දඬුවම් නියම කරන ලෙසයි.

මෙම තැනැත්තිය විත්තිකරු සමග පැමිණියේ සිය කැමැත්තෙන් බැවින් විත්තිකරුට ලිහිල් දඬුවම් නියම කරන ලෙස මෙහිදි විත්තියේ නීතිඥවරයා අධිකරණය හමුවේ පවසා සිටියා.

එහෙත් නඩු විභාගයේදී එවැනි කිසිදු සාක්ෂියක් අනාවරණය නොවූ බව සඳහන් කළ විනිසුරුවරයා අනතුරුව මෙම දඬුවම් ප්‍රකාශයට පත් කළා.

මෙම සිද්ධිය වූ අවස්ථාවේ අතවරයට පත් තැනැත්තිය 14 වන වියේ පසුවූ අතර ඇය දේවාලයක වාර්ෂික පෙරහැර නැරඹීම සඳහා පැමිණ ඇති අතර එම අවස්ථාවේදී විත්තිකරු ඇය සමග සුහද වී මරදාන ප්‍රදේශයේ ලැගුම් හලකට රැගෙන විත් බලහත්කාරයෙන් රඳවා තබා මුදලට ඇයව ගණිකා වෘත්තියේ යෙදවා තිබෙන බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බව අධිකරණය හමුවේ ප්‍රකාශ විය.

RECENT ARTICLES - SINHALA

දීඝදන්තු මරණයේ සැකකරු තවදුරටත් රිමාන්ඩ්

දීඝදන්තු ඇතාගේ මරණය සම්බන්ධයෙන් සැකකාර තැනැත්තා ලබන (26) තෙක් රිමාන්ඩ් භාරයේ තබන්නැයි කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කොට තිබෙනවා. ගල්කිරියාගම, ආඩියාගල ප්‍රදේශයේ ගෙවත්තකදී වීදුලිසෑර වැදීමෙන් මියගිය...

MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙරටට

ලෝක ආහාර වැඩසටහන යටතේ MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙරටට ප්‍රදානය කිරීම අද (12) සිදුකෙරුණා. ඒ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා ඇතුළු අමාත්‍යවරුන්, මෙරට රුසියානු තානාපති...

මාතර මිලියනපතියන්ටත් අස්වැසුම තියනවලු

දකුණු පළාතේ ඇතැම් අස්වැසුම ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ ආධාර මුදල් ලැබෙන බැංකු ගිණුම් හිමි ශාඛාවේම රුපියල් මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතු ගිණුම් තිබෙන බව දකුණු පළාත්...

POPULAR ARTICLES