30 C
Colombo
Friday, November 8, 2024

යතුරුපැදියේ ගිය පසුපැදිකරු අකුණු සැර වැදී මරුට

- Advertisement -

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් පසුපැදිකරුට ඊයේ (07) සවස් කාලයේදී අකුණු සැර වැදී තිබෙනවා.

එම සිද්ධියෙන් පසුපැදිකරු මියගොස් ඇති අතර පොලීසිය සඳහන් කළේ යතුරුපැදිකරුට තුවාල සිදුවී නොමැති බවයි.

ඊයේ සවස් කාලයේ එරාවූර් පොලිස් වසමේ පෙරුමේලි කණ්ඩන් ප්‍රදේශයේදී අකුණු සැර වැදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බවට එරාවූර් පොලීසියට ලද තොරතුරක් මත සිද්ධිය ගැන විමර්ශන ආරම්භ කර තිබුණා.

පොලීසිය සඳහන් කළේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 57ක් වූ වන්දාරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔවුන් දෙදෙනා උප්පෝඩය ප්‍රදේශයේදී කුඹුරට ගොස් යතුරුපැදියෙන් නැවත නිවසට එමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබෙනවා.

එරාවූර් පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

පාසලේදී අල්ලස් ගත් විදුහල්පතිනිය අත්අඩංගුවට

රුපියල් 150,000ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් රාගම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිනියක් ඊයේ (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. රාගම, මත්තුමගල ප්‍රදේශයේ කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට...

නිවසකට පැන තරුණියක් පැහැර ගැනීමේ තැතක්

බලහත්කාරයෙන් නිවසකට ඇතුළුවූ පුද්ගලයෙකු විසින් නිවැසියන් බියගන්වා එහි සිටි තරුණියක් පැහැරගැනීමට තැත් කිරීමේ සිද්ධියක් වලස්මුල්ලෙන් වාර්තා වනවා. වලස්මුල්ල පොලීසිය සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට...

විජිත හදිසියේම වරායට

බහාලුම් නිෂ්කාශන ප්‍රමාදයක් ඇතුළු වරායේ ගැටලු පිළිබඳ සොයාබැලීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (07) හදිසියේ වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ...

POPULAR ARTICLES