24 C
Colombo
Sunday, January 19, 2025

නවීකරණය කරන ලද අභියාචනාධිකරණ ගොඩනැගිල්ල විවෘත කෙරේ

- Advertisement -

අභිනවයෙන් ඉදි කරන ලද “අධිකරණ පියස 1” සහ මහජන චින සමුහාණ්ඩුවේ පුර්ණ ප්‍රදානයක් වන නවීකරණය කරන ලද අභියාචනාධිකරණ ගොඩනැගිල්ල අද (18) පෙරවරුවේ  විවෘත කෙරුණා.

ඒ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.

අගවිනිසුරු ජනාධිපති නීතීඥ මුර්දු ප්‍රනාන්දු, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර හා ශ්‍රී ලංකාවේ චීන තානාපති QI Zhenhong යන ආරාධිතයින් රැසක්ද මෙම අවස්ථාව සඳහා එක්ව තිබුණා.

චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවය ශක්තිමත් කරමින් අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය 1988 වසරේදී පරිත්‍යාගයක් ලෙස චින රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙනවා.

ඒ, උපරිමාධිකරණ සංකීර්ණය පුළුල් ලෙස නවීකරණය කිරීමට සහ  අදාළ  තාක්ෂණික හා මුල්‍ය පහසුකම් ලබා දීමට මහජන චීන සමුහාණ්ඩුව, ශ්‍රි ලංකා රජය සමඟ 2016 වසරේ දී එළඹුණු එකඟතාවයක් මතයි.

මෙම ව්‍යාපෘතියේ පළමු පියවරේදී නව පහසුකම්වලින් සමන්විත සත් පුද්ගල, පංච පුද්ගල, ත්‍රි පුද්ගල විනිශ්චයාසන සහිත නව අභියාචනාධිකරණ විනිශ්චය ශාලා 11 ක්, විනිසුරුවරුන් සඳහා නිල කාමර 20 ක්, කාර්ය මණ්ඩල කාර්යාල පහසුකම්, ස්වයංක්‍රිය කැමරා පද්ධතියකින් යුත් නවීන පාලක මැදිරියක්, විනිසුරුවරුන් වෙනුවෙන් වාහන අංගනයක්, නවීන උපාංග සහිත ආපන ශාලාවක්, විදුලි සෝපාන හා නඩු වාර්තා කාමර තුනකින් සමන්විතව අභියාචනාධිකරණ ස්ථාපිත කිරීම සඳහා ගොඩනැගිල්ල නවීකරණය කර තිබෙනවා

අධිකරණ පියස ව්‍යාපෘතිය යටතේ ඉදි කිරීම් ආරම්භ කළ පළමු උප ව්‍යාපෘතිය වන “අධිකරණ පියස -1” ද මෙයට සමගාමීව ජනතා අයිතියට පත් කෙරුණා.

එහි දෙවන ව්‍යාපෘතිය ලෙසින් දිසා හා මහාධිකරණ සංකීර්ණයත්, තෙවන ව්‍යාපෘතිය ලෙස අධිකරණ අමාත්‍යාංශ සංකීර්ණය හා සිව්වන ව්‍යාපෘතිය ලෙස නිල නිවාස සංකීර්ණයද  ඉදි කිරීමට නියමිතයි.

අලුත්කඩේ පිහිටි බීසීසී සමාගමට අයත් අක්කර හයක භූමි ප්‍රමාණයක් අධිකරණ අමාත්‍යාංශය වෙත පවරා ගනිමින් අධිකරණ පියස ව්‍යාපෘතිය 2021 ජනවාරි මස 21 වන දින ආරම්භ කළ අතර, ව්‍යාපෘතියේ ඉදි කිරීම් කොන්ත්‍රාත්කරු සහ උපදේශක ආයතනය ලෙස ඉංජිනේරුමය කාර්යයන් පිළිබද මධ්‍යම උපදේශක කාර්යාංශය කටයුතු කරනු ඇති.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරයට සුදුසුම ස්ථාන 10 අතරට

0
BBC Travel මඟින් ලොකයේ සංචාරයට සුදුසුම ස්ථාන 25 අතර ශ්‍රී ලංකාව 9 වැනි තැනට පත්ව ඇති බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. බී.බී.සී. ආයතනය මෙම නවතම...

සතොස වෙළෙඳසැල් 1000ක් දක්වා වැඩි කරනවා

රට පුරා සතොස වෙළෙඳසැල් දහසක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. අනුරාධපුර, පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට පැවති...

ගාල්ලේ අලෙවිසැලක ගින්නක්

ගාල්ල, තනිපොල්ගහ හන්දිය ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබෙනවා. ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසැලක මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. ගින්න හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. ගිනි නිවීම්...

POPULAR ARTICLES

ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරයට සුදුසුම ස්ථාන 10 අතරට

0
BBC Travel මඟින් ලොකයේ සංචාරයට සුදුසුම ස්ථාන 25 අතර ශ්‍රී ලංකාව 9 වැනි තැනට පත්ව ඇති බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. බී.බී.සී. ආයතනය මෙම නවතම...

සතොස වෙළෙඳසැල් 1000ක් දක්වා වැඩි කරනවා

රට පුරා සතොස වෙළෙඳසැල් දහසක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. අනුරාධපුර, පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට පැවති...

ඉරානයේ විනිසුරුවරුන් දෙදෙනෙකු ඝාතනය කෙරේ

ඉරානයේ ටෙහෙරාන් නුවර ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකින් එරට ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අධිකරණයට ඇතුළු වූ ආයුධ සන්නද්ධ පුද්ගලයෙකු...