25 C
Colombo
Saturday, March 1, 2025

රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂක ජනරාල්ගේ ඉවත්වීමේ තීරණය සේවක මැදිහත් වීමෙන් නවතී

- Advertisement -

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ අජන්ත සෙනෙවිරත්න මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ සුදානම් පවතින බව වාර්තා වනවා.

රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා වෙත ලිපියක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ තමා ධුරයෙන් ඉවත් වන්නේ පෞද්ගලික හේතුවක් මත බවයි.

මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමත් සමඟ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවකයන් පිරිසක් අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට සහය පළ කරමින් ලිපියකට අත්සන් ලබාගෙන තිබෙනවා.

එම ලිපියෙන් සේවකයන් පිරිස පෙන්වා දී ඇත්තේ කෙටි කාලයක් තුලදී සංස්ථාව නව අධ්‍යක්ෂක ජෙනරාල්වරයා යටතේ සිදුකළ බවත් සංස්ථාවට තිබෙන ආර්ථික අපහසුතාවලින් ගොඩගැනීමට සුදුසු එකම පුද්ගලයා ඔහු බවත්ය.

අතරමඟ නැවතී තීබූ නාලිකාවේ HD තාක්ෂණ ව්‍යාපෘතිය නව අධ්‍යක්ෂක ජෙනරාල්වරයා යටතේ ආරම්භ කිරීමට හැකි වූ බවයි සංස්ථාවේ සේවකයන් පෙන්වා දෙන්නේ.

ඉදිරියේ නාලිකාවේ නවතම වැඩසටහන් කිහිපයක් ඔහුගේ සංකල්පය මත ආරම්භ කිරීමට නියමිත බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් සේවකයන්ගේ දැඩි ඉල්ලීම මත අධ්‍යක්ෂකවරයා සිය ඉල්ලා අස්වීමේ තීන්දුව ඉවත් කරගැනීමට තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

මිට පෙර අජන්ත සෙනෙවිරත්න මහතා ස්වාධීන රූපවාහිනී ආයතනයේ විධායක නිලධාරිවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

වෘත්තියෙන් වරලත් ඉංජිනේරුවරයෙක් වන ඒ මහතා චරණ රුපවාහිනී ආයතනය ආරම්භ කිරීමේ මුලික වූ අයෙක් ලෙසයි සැලකෙන්නේ.

RECENT ARTICLES - SINHALA

ජපානයේ රැකියා අවස්ථා රැසක් ගැන දැනුම් දීමක්

විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන යටතේ (SSW) ජපානයේ හෙද සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රැසක් ශ්‍රී ලාංකිකයින්ට ලැබී බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය...

ගෙවත්තට එන සත්තු ගණන් කරන්න විනාඩි 5ක්

එළඹෙන මාර්තු 15 වන දින ගෙවතුවලට සහ ගොවිපළවලට පැමිණෙන රිළවා. දඬුලේනා, මොණරා වැනි සතුන්ගේ සංගණනයක් සිදු කරන බව කෘෂිකර්ම, පශුසම්පත් සහ ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය...

ජපන් යුද නැවක් කොළඹට

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා තිබෙනවා. ‘ASAHI’ නමින් හැඳින්වෙන මෙම නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා...

POPULAR ARTICLES

ස්කයිප් වසා දමන්න තීරණයක්

දශක දෙකක් පුරා ලෝකයේ ජනප්‍රිය වීඩියෝ ඇමතුම් සේවාවක්ව පැවති  ස්කයිප්, මැයි මාසයේ සිට වසා දමන බව එහි හිමිකරු වන මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනය කර තිබෙනවා. ස්කයිප්...

ජපානයේ රැකියා අවස්ථා රැසක් ගැන දැනුම් දීමක්

විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන යටතේ (SSW) ජපානයේ හෙද සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රැසක් ශ්‍රී ලාංකිකයින්ට ලැබී බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය...

ගෙවත්තට එන සත්තු ගණන් කරන්න විනාඩි 5ක්

එළඹෙන මාර්තු 15 වන දින ගෙවතුවලට සහ ගොවිපළවලට පැමිණෙන රිළවා. දඬුලේනා, මොණරා වැනි සතුන්ගේ සංගණනයක් සිදු කරන බව කෘෂිකර්ම, පශුසම්පත් සහ ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය...