29.2 C
Colombo
Tuesday, April 8, 2025

රුපියල 265 දක්වා පාවෙයි

- Advertisement -

මෙරට ප්‍රධාන පෙළේ බලපත්‍රලාභී වාණිජ බැංකු අද (14) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව මහජන බැංකුව, ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව සහ සම්පත් බැංකුව යන බැංකු හතර අද (14) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 265ක අගයකයි සටහන් වන්නේ.

ඇමෙරිකානු ඩොලරයකට මහජන බැංකුව ලබාදෙන ගැනුම් අනුපාතිකය රුපියල් 254.72ක් වන අතර විකුණුම් අනුපාතිකය රුපියල් 264.99කි. ලංකා බැංකුවේ ගැනුම් අනුපාතිකය රුපියල් 255ක් වන අතර විකුණුම් අනුපාතිකය 265.00කි. කොමර්ෂල් බැංකුවේ ගැනුම් අනුපාතිකය ඩොලර් 255.00ක් වන අතර විකුණුම් අනුපාතිකය 265.00කි. සම්පත් බැංකුවේ ගැනුම් අනුපාතිකය 255ක් සහ විකුණුම් අනුපාතිකය 265ක් ලෙස සටහන් වනවා.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව අද (14) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 249.96ක් වන අතර විකුණුම් අනුපාතිකය රුපියල් 259.99ක් ලෙස සටහන් වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඉරිදා උපකාරක පන්ති ගැන තීරණයක්

ඉරිදා දිනයේ දී දහම් පාසල් පැවැත්වෙන කාලසීමාව තුළ සාමාන්‍යපෙළ සහ උසස්පෙළ හැර අනෙකුත් ශ්‍රේණි වලට උපකාරක පංති පැවැත්වීම ගැටළුවක් බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු...

Breaking : කටුනායක වෙඩි තැබීමක්

Update : කටුනායක 18 වන කිලෝමීටර් කණුව අසල සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. පොලිසිය පවසන්නේ, මෙලෙස මියගොස් ඇත්තේ, 50 හැවිරිදි ව්‍යාපාරිකයෙකු...

චාමරට ඇප

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා. 2016 වසරේ...

POPULAR ARTICLES