ලංකාවේ මිනිසුන්ගේ හිත හරි විවෘතයි, ආගන්තුක සත්කාර හරි ඉහළයි යනුවෙන් තමන් පැවසූ විට තම ඇතැම් මිතුරන් තමන්ට දෝෂාරෝපණ එල්ල කරන බව රුසියාවේ මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බොරිස් වොල්ක්හොන්ස්කි මහතා පවසනවා.
මහාචාර්ය වොල්ක්හොන්ස්කි මහතා රුසියාවේ මොස්කව් විශ්වවිද්‍යාලයේ ආසියානු හා අප්‍රිකානු අධ්‍යයන අංශයේ සිංහල විෂය පිළිබඳ මහාචාර්යවරයායි. එමෙන්ම ඔහු රුසියාවේ සිටින එකම සිංහල විෂය පිළිබඳ මහාචාර්යවරයාද වනවා.
මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් සහ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයේ විද්‍යාලංකාර මණ්ඩපයෙන් ඔහු සිංහල බස හදාරා තිබීම විශේෂත්වයක්.
හදිසි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක දී අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කර තිබුණා.