30 C
Colombo
Wednesday, February 19, 2025

සාෆි සහාබ්දීන් සිදුවීම ගෝඨාභය බලයට එන්න ගහපු තුරුම්පුවක් – තරිදු ජයවර්ධන

- Advertisement -

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කිරීම වෙනුවෙන් තුරුම්පුවක් ලෙස දොස්තර සාෆි සහබ්දීන් මහතාගේ වඳ සැත්කම් සිදුවීම යොදාගත් බවට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති මාධ්‍යවේදී තරිදු ජයවර්ධන මහතා පවසනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සංවාදයකට එක්වෙමින් ඔහු පවසන්නේ පොලිසිය, අධිකරණය සහ රෝහල් ඇතුළු ආයතන කිහිපයක පුද්ගලයින් රැසක්ද මෙම කුමන්ත්‍රණයට සම්බන්ධවී කටයුතු කර ඇති බවයි.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ඇතුළු පිරිසක්ද අදාළ පරීක්ෂණවලට සහභාගී වූ විමර්ශන නිලධාරීන්ට බලපෑම් කර ඇති බවද ජයවර්ධන මහතා මෙහිදී සදහන් කරනවා.

2019 මැයි මස 23 වනදා ‘තවුහීද් ජමාත් දොස්තර සිංහල මව්වරුන් 4000ක් වඳ කරලා’ යන මැයෙන් මෙරට ප්‍රසිද්ධ ජාතික පුවත්පතක පළවූ පුවතක් හේතුවෙන් මෙරට ජන සමාජය තුළ බරපතළ අර්බුද රැසක් නිර්මාණය වූ අතර මෙම සිද්ධිය හේතුවෙන් කුරුණෑගල රෝහලේ නාරි හා ප්‍රසවවේදය පිළිබඳ වෛද්‍ය සාෆි සහබ්දීන් මහතා පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඔහුගේ රැකියාවද ඔහුට අහිමි වුණා.

කෙසේ වෙතත් සිදු කරන ලද විමර්ශන වලදී මෙම සිදුවීම නිර්මාණය කරන ලද ව්‍යාජ එකක් බව තහවුරු වී ඇති අතර වෛද්‍ය සාෆි සහබ්දීන් මහතාට හිඟ වැටුප් ද ගෙවමින් යළි සේවයේ පිහිටුවීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දය ගැන විශේෂ ගැසට්ටුවක්

එක් එක් මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සභිකයින්ගේ ධුර කාලය 2025 ජුනි මස 02 වැනි දින සිට ආරම්භ විය යුතු බව දැනුම්...

අප්‍රේල් මාසෙන් පස්සේ එන ඩිජිටල් හැඳුනුම්පත

ඩිජිටල් හැඳුනුම්පත එළඹෙන අප්‍රේල් මාසයෙන් පසු නිකුත් කිරීමට කටයුතු කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, ඒ සඳහා දත්ත...

හරක් කටාට උදවු කළ සැකකරුවන් දෙදෙනෙක් ලංකාවට ගෙන එයි

ශ්‍රී ලංකා පොලිසියේ දැනුවත් කිරීම මත ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ , මෙරට තුළ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන්...

POPULAR ARTICLES